IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දැන් හිරේ නියම දඩුවම ගෙදර ගියාම

මිතුරන් සමග විනෝද වීමට ඇති ඉඩ අහුරාගෙන සිටින බිරිඳගෙන් බේරීමට තමන්ම ‘‘පැහැරගත්‘‘ පුද්ගලයෙක් ඇමරිකාවේ සීටී.

බිරිඳ සමග නිවසේ සිටිනා තුර තමන්ව පැහැරගෙන යනසේ හැසිරෙන්නැයි හෙතෙම තම මිතුරන්ට උපදෙස් දී තිබේ.ඔහුගේ උපදෙස් ප‍්‍රකාරව දිනක රාති‍්‍රයේ මුහුණු ආවරණය වනසේ වෙස් මුහුණුද බැදගෙන නිවසට පැන ඇති මිතුරන් පිරිස මොහුව ‘‘පැහැරගෙන‘‘ ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ භීතියෙන් බලා සිටියදීය.

බිරිඳ වහා පොලිසිය අමතා මේ බැව් දැනුම්දුන්නත් පැහැරගත්තවුන් පිළිඹද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

දින දෙක කට පසුව යළිත් නිවසට පැමිණි මේ ‘‘පැහැරගනු ලැබූ‘‘ තැනැත්තා බිරිඳට පවසා ඇත්තේ තමන් කෙරෙහි අනුකම්පා කළ සොර මුල තමන් නිදහස් කළ බවයි.

මෙය විශ්වාස කළේ පොලිසිය නම් නොවේ.මෙම පුද්ගලයා ගෙන්වා සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී අවසන ඔහු බිරිඳගෙන් බේරී මිතුරන් සමග විනෝද වීම සදහා තම මිතුරන් ගේද ආධාර ඇතිව ‘‘පැහැරගැනීමක්‘‘ සැළැසුම් කළ බව පිළිගෙන තිබේ.

පොලිසිය නොමග යැවීයැයි චෝදනා ලැබ සිටින ඔහු දැන් සිර බත් කයි.නමුත් ඔහුට නියම දඩුවම ලැබෙන්නේ යළිත් නිවසට ගිය පසු බව පොලිසිය කියති.

 

 



අදහස් (0)

දැන් හිරේ නියම දඩුවම ගෙදර ගියාම

චන්දි අලුත්වල Thursday, 10 October 2013 01:06 PM

පව් අප්පා මේ මනුස්සයා (ත)

:       0       0

කුමාරි Thursday, 10 October 2013 01:24 PM

යාළුනේ අපේ ලංකාවේත් අවුරුදු 13 ළමයින්ව පහුගිය දවස්වල පැහැර ගැනීම් සිදු වුණා නේද මේ වගේ වෙන්න බැරිද?(දිල්)

:       0       0

රෝස Thursday, 10 October 2013 06:23 PM

අනේ පව් අසරණය , මටනම් හරිම දුකහිතෙනවා මෙයාට.(දිල්)

:       0       0

දොන් සේතං Thursday, 10 October 2013 01:38 PM

චන්දි අලුත්වල ඔයාගේ සිත හරිම ලාමකයි මේ අය දිහා ඔය තරමි ලාමකව බලන්න ඒපා. ඔයාවත් පැහැරගන යන්න පුලුවන්.(නදී)

:       0       0

නැනී Friday, 11 October 2013 09:05 AM

ලංකාවේ ඔහොම වෙන්නේ නම් ඇමතිවරුන්ගෙන් ගැළවෙන්නලු. (නි)

:       0       0

ෂෆීක් Thursday, 10 October 2013 03:10 PM

පව් අප්පා අහිංසකයා (ත)

:       0       0

වසන්ති Thursday, 10 October 2013 03:37 PM

අපේ අාචාර්යතුමෙකුගෙන් උපදෙස් ගන්න අැති (නි)

:       0       0

ගිහාන් Thursday, 10 October 2013 08:36 PM

මගෙත් ඉන්නවා ඔය වගේ බියගුළු යාලුවෙක්,බිරිදට තියෙන්නේ පුදුම බයක්,දෙදෙනාම වැදගත් පවුල් වල අය.පිරිමියා ඉතා හොද රැකියාවක් කරනවා. ඔහු දුම්වැටි බොන අතර බිරිද මෙයට විරුද්ධයි. පසුව ඔහු දුම්වැටි බී ගෙට එන විට බුලත් විටක් කමින් පැමිණෙනවා. එම නිසා ගද එන්නේ නැහැ. දිනක් ඔහු සහ මිතුරෙක් කඩයට ගොස් සිගරැට් 2ක් ඉල්ලා බුලත් විටක්ද ඉල්ලා ඇත. මේ සිදුවීම වන විට මොහුගේ දුරකථනය වැරදීමකින් බිරිදගේ දුරකථනය හා සම්බන්ධ වී කතා කළ සහ සිදු වූ සියල්ල බිරිද දැනගෙන තිබේ. ඉතුරිය කියන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

සුමේධ Thursday, 10 October 2013 04:13 PM

ඉල්ලාගෙන කෑවා නම් දුක විඳපන් පූසෝ (නි)

:       0       0

දිනේෂ් Thursday, 10 October 2013 04:52 PM

කසාද බන්දමත් තියන කරදර නේද???(දිල්)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 10 October 2013 12:31 PM

හා හා ... ඉතින් යන්නකෝ ගෙදර (නි)

:       0       0

ආරියසේන Friday, 11 October 2013 01:51 AM

අනුමානයක් නැහැ, මේකට උපදෙස් දෙන්න ඇත්තේ ලංකාවේ කෙනෙක්. (නි)

:       0       0

කමල් Thursday, 10 October 2013 12:53 PM

මෙයා අපේ ආචාර්යතුමාගේ විදේශ සම්න‍්ධීකරණ ලේකම් කෙනෙක්ද දන්නේ නැහැ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site