බංගලාදේශයේ අද (30) පැවැත්වෙන මහමැතිවරණය සඳහා ලක්ෂ හයකට ආසන්න ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මහ මැතිවරණයේ දී බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය සිව්වැනි වරටත් පාලන බලය හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කරයි.
ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 104 ක වඩා වැඩි පිරිසක් ඡන්දය පාවිච්චි කිරිමට නියමිතය. මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් 299 දෙනෙකු තෝරා පත් කර ගනු ඇත.
බංගලාදේශය පුරා ඡන්ද මධ්‍යස්ථාන 40,000 ක ඡන්ද දායකයන් මේ වන විට තම ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි. එරට වේලාවෙන් අද (30) උදෑසන 8 ට ඡන්දය භාවිතා කිරිම ආරම්භ වු අතර පස්වරු 4 ට ඡන්දය භාවිතා කිරිම අවසන් වේ.
අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය බංගලාදේශයේ ඩකා අගනුවර දී ඡන්දය ප්‍රකාශ කර තිබේ. ‘අපි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරමු. ජනතාවගේ වරප්‍රසාදය පිළිගන්නවා’ යැයි අගමැතිනීය එහි දී පැවසුවාය.
(28535)

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැඩි ආරක්ෂාව මැද බංගලාදේශ මැතිවරණය ඇරඹේ