වසර 2020 වනවිට “අන්ත දුගීබව” රටින් තුරන් කිරීමේ අරමුණ ඉටු කරගැනීමට ඇත්තේ තවත් වසර දෙකක් බැවින් ඊට එරෙහිව සටන් වැදීම සඳහා පියවර ගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා පැවැසීය.
“ජයග්‍රහණය සපුරා ගන්නා තෙක් කිසිදු අවස්ථාවකදී පසු නොබැසිය යුතු” යැයි ද ගන්ෂු පළාතේ පැවැති චීන ජාතික පාර්ලිමේන්තුවේ 13 වැනි ජාතික ජනතා කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අමතමින් චීන ජනාධිපතිවරයා එම කරුණු කීවේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසත් ඔහු එම සැසිවාරය ඇමතීය.
“දරිද්‍රතාව අඩු කිරීමේ මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුවහන් කරමින් පසුගිය වසර කිහිපයේදී දරිද්‍රතාවට එරෙහි දුෂ්කර සටනේදී තීරණාත්මක ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා” යැයි චීන ජනාධිපතිවරයා කීවේය.
කාර්යභාරය තවමත් අවසන් නැතැයි ද ඉදිරියේ කළ යුතු කර්තව්‍යය වඩාත් දුෂ්කර යැයි ද චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා කීය. දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව බොහෝ දුක් වේදනාවලින් පීඩා විඳින බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
ෂිංහුවා ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘දුගීබව තුරන් කරන්න ඇත්තේ වසර 2 ක් පමණයි‘‘