ආරක්ෂක රැුකවල් මැද දකුණු කොරියා ජනපති ලී මියුන් බක් ඊයේ (14) මියන්මාරයට පැමිණියේය. දකුණු කොරියා රාජ්‍ය නායකයකු මියන්මාරයට පැමිණියේ දශක තුනකට පසුවය. මියන්මාරය බුරුමය ලෙසින් හැඳින් වූ අවදියේදී 1983 වසරේ එරටට පැමිණි දකුණු කොරියා ජනපති, වූ චැන් ඩෝ හුවෑන් ඝාතනය කිරීමට මියන්මාර හමුදා පාලකයන්ගේ ඒජන්තවරු උත්සාහ කළහ. එම ඝාතන සැලැස්මෙන් වූ චැන් ඩෝ ජනපතිවරයා නූලනේ දිවි ගලවා ගත්තේය. හමුදා පාලනය අවසන් වීමෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. එම රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් හඳුන්වා දී ඇති අතර, ඒවා බටහිර රටවලත් අසල්වැසි ආසියානු රටවලත් අවදානයට ලක් වී ඇත. දින දෙකක් මියන්මාරයේ ගත කිරීමට බලාපොරොත්තු වන දකුණු කොරියානු ජනාධිපති බක්, මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමට ද නියමිතය. නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පසු මියන්මාරයට පැමිණි දෙවැනි රාජ්‍ය නායකයා වන්නේ ද දකුණු කොරියා ජනපතිවරයායි. මීට පෙර පසුගිය අපේ‍්‍රල් මාසයේ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මියන්මාරයට පැමිණියේය. මියන්මාර රජය සමඟ සබඳතා වර්ධනය කර ගනිමින් වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමත් උතුරු කොරියාවට එරෙහිව ආසියා කලාපීය රටක් ලෙස මියන්මාරයේ සහාය ලබා ගැනීමත් ද දකුණු කොරියා ජනපති බක්ගේ අරමුණ වේ.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියා ජනපති මියන්මාරයේ සංචාරයක