IMG-LOGO

දකුණු කොරියානු ධජය සහිතව යාත්‍රා කළ නැවක් ඉරානය අත්අඩංගුවට ගනී

දකුණු කොරියානු ධජය සහිතව යාත්‍රා කළ නෞකාවක් අත්අඩංගුවටගත් බව ඉරාන මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති නෞකාව ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරාය නගරයේ රඳවා ඇතැයි වාර්තා වේ.

රසායනික ද්‍රව්‍ය වලින් ගල්ෆ් මුහුදු කළාපය දූෂණය කිරීම සම්බන්දයෙන් මෙම නෞකාව අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයකන කිහිපයක් පවසා තිබේ.

හන්කුක් චෙමී ලෙස හැඳින්වෙන මෙම නෞකාවේ එතනෝල් ටොන් 7,200ක් පමණ ගබඩා කර ඇති බව ඉරාන ආරක්ෂක අංශ පවසයි.

නෞකාවේ කාර්ය මණ්ඩලය රඳවාගෙන ඇති අතර දකුණු කොරියානු, ඉන්දුනීසියානු, වියට්නාම් සහ මියන්මාර ජාතිකයන් ඒ අතර සිටින බව සඳහන් කර තිබේ. කෙසේ වුවද අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව හෙළිකර නොමැත.

මේ සම්බන්දව දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය ද මෙතෙක් කිසිවක් පවසා නොමැත.

(රොයිටර් පුවත් ඇසුරිණි)


085



අදහස් (0)

දකුණු කොරියානු ධජය සහිතව යාත්‍රා කළ නැවක් ඉරානය අත්අඩංගුවට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 496 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site