දකුණු අප්‍රිකා ජනාධිපති ජාකෝබ් සූමා මහතාට එරෙහිව අද (8) එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ඒ සඳහා රහස් ඡන්ද විමසීමක් ද පැවැත්විණි.
දකුණු කොරියා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහාය ද හිමිවනු ඇතැයි ද එරට විපක්ෂය අපේක්ෂා කරයි.
ජනාධිපති ජාකෝබ් සූමා මහතාට අප්‍රිකා ජාතික කොංග්‍රසය තුළින්ම දූෂණ චෝදනා එල්ල වී තිබේ. වරෙක නෙල්සන් මැන්ඩෙලා ද නායකත්වය දැරූ අප්‍රිකා ජාතික කොංග්‍රසය 1994 වසරේ සිට මේ දක්වා පැවැති සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය ලැබීය. එසේ වුවත් ජාකෝබ් සූමා මහතාගේ නායකත්වය යටතේ පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබේ. කෙසේ නමුත් දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අප්‍රිකා ජාතික කොංග්‍රසය සතුවය. විශ්වාසභංග ඡන්ද විමසීම පරාජයට පත්කළ හැකි යැයි ද අප්‍රිකා ජාතික කොංග්‍රසය සඳහන් කරයි.
අප්‍රිකා ජාතික කොංග්‍රසයට කිසිදු සමාවක් නැතැයි ද ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඔවුන්ගේ ඡන්දය භාවිත කළ යුතු යැයි ද දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ‘ඩිමොක්‍රටික් එලායන්ස්’ පක්ෂය සඳහන් කරයි.
මීට පෙර දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ජනාධිපති සූමා මහතාට එරෙහිව රහස් ඡන්ද විමසීම් පැවැත්වුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට ජය හිමිවිය.
දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීමට ඡන්ද 201ක් අවශ්‍ය වේ. දකුණු අප්‍රිකාව පාර්ලිමේන්තුව ආසන 400කින් සමන්විතය.
(ඒ.එෆ්.පී.-055)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප්‍රිකා ජනපතිට විශ්වාස භංගයක්
Madushanka Wednesday, 09 August 2017 02:54 AM
දකුණු කොරියා ජනපතිද අප්‍රිකා ජනපතිද ?ආර්ටිකල් එක අවුල් ?
Madushanka Wednesday, 09 August 2017 03:16 AM
දකුණු කොරියා ජනපතිද අප්‍රිකා ජනපතිද ?ආර්ටිකල් එක අවුල් ?
mahee Wednesday, 09 August 2017 07:41 AM
ෂා හරි වැඩේනේ. මීට ඉහල බලවතෙක් ඒ රටේ නැද්ද මෙයාව රැක ගන්න?