IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


දකුණු අප්‍රිකාවේ සිටින නයිජීරියානු වැසියන් නැවත ගෙන්වාගැනීමට පියවර

දකුණු අප්‍රිකාවේ සිටින නයිජීරියානු වැසියන් 600ක් පමණ නැවත සිය රටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව නයිජීරියානු බලධාරීහු පවසති.

දකුණු අප්‍රිකාව හා නයිජීරියාව අතර වර්ධනය වෙමින් පවතින මතබේදකාරී තත්ත්වය හමුවේ මෙම පියවර ගෙන ඇත.

මොවුන්ගෙන් කොටසක් ගුවන් යානා දෙකක් මගින් බදාදා දිනයේ නයිජීරියාවට යැවෙනු ඇති බව ජොහැන්ස්බර්ග්හි සිටින නයිජීරියානු කොන්සල් වරයා පවසයි.

අප්‍රිකානු අර්ධද්වීපයේ සංවර්ධිතම රට ලෙස සැලකෙන දකුණු අප්‍රිකාව වෙත බොහෝ සංක්‍රමණිකයින් පැමිණෙන බවත් ඒ හේතුවෙන් ස්වදේශිකයින්ට රැකියා අවස්ථා අහිමිව ඇති බවත් බලධාරීහු පවසති.

විදේශිකයින් රැකියා සඳහා පැමිණීම සම්බන්ධව ලොරි රථ රියදුරන් පිරිසක් ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් පසුගිය සතියේ ඇතිවූ ගැටුම් වලින් විදේශිකයින් දෙදෙනකු ඇතුළු දසදෙනකු මියගියහ.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

දකුණු අප්‍රිකාවේ සිටින නයිජීරියානු වැසියන් නැවත ගෙන්වාගැනීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 803 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site