IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තිස් කෝටියක දියමන්ති බඩේ

දකුණු අප‍්‍රිකාවේ ටැම්බෝ ගුවන්තොටෙන් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාමට සූදානමින් සිටි ලෙබනන ජාතිකයකුගේ කුසෙහි තිබී ඔප දැමූ දියමන්ති 220 ක් සොයා ගැනීමට හැකි වියැයි දකුණු අප‍්‍රිකා පොලිසිය කියයි. ලැබුණු ඔත්තුවකට අනුව ගුවන්තොටෙහි රැුදී සිටි ලෙබනන ජාතිකයා අත්අඩංගුවට ගෙන විශේෂ ‘‘ස්කෑන්’’ පරික්ෂාවකට ලක්කිරීමෙන් ඔහු  දියමන්ති තොගය සොයා ගෙන ඇත. දියමන්ති වල වටිනාකම ඩොලර් ලක්ෂ 23 ක් (රුපියල් ලක්ෂ 3036) පමණ වන බව කියැවේ. දකුණු අප‍්‍රිකාව දියමන්ති සදහා ලෝකයේ නමක් දිනාගත් රටකි.එහි සිට ලෝකයේ බොහෝ රටවලට දියමන්ති අපනයනය කිරීම සිදුවේ.ඉතා ලාභදායී ව්‍යාපාරයක් වන බැවින් ජාවාරම්කරුවන් කල්ලි ගැසී නීතියේ රාමුවෙන් බැහැරව සිට රටෙන් දියමන්ති පිට කරන බව එරට බළධාරීන්ට රහසක් නොවේ.එවැනි කල්ලියකට මේ ලෙබනන ජාතිකයාද අයත් බවට සැක කෙරේ. (කෝ. වි)



අදහස් (0)

තිස් කෝටියක දියමන්ති බඩේ

අචිනි Sunday, 18 November 2012 10:09 AM

අම්මෝ වටිනා බඩක්

:       0       0

ශෙරීෆ් Sunday, 18 November 2012 08:57 PM

රුපියල් කෝටි 3036 වටිනා‍ ලෙබනන් මිනිසා (ස)

:       0       0

ලලිත් Sunday, 18 November 2012 09:29 PM

මට මතක් වුණා චීනාව. අනේ පවු. (නි)

:       0       0

ජයන්ත Friday, 16 November 2012 04:41 PM

මේ වගේ හොරු හින්දා දකුණු අප්‍රිකාව දියුණු කරනවා බොරු (ස)

:       0       0

නසාර් Friday, 16 November 2012 05:35 PM

බඩක්ද? බංගලාවක්ද? (නි)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 17 November 2012 12:12 PM

කොයි රට වලත් හොරකම තියෙනවා. මේවා ලෝකය පවතිනතුරාම සිදු වෙනවා (ස)

:       0       0

රුවන් Saturday, 17 November 2012 10:54 PM

ඇයි හේරත්, හේරත්ටත් මොකක්හරි ගිලුණද? (නි)

:       0       0

මුතු Saturday, 17 November 2012 02:49 PM

වංචාව හොරකම නිසා තමයි රටක නීතියක් පවතින්නේ. නැත්නමි නීතියක් අවශ්‍යය නෑනේ (ස)

:       0       0

හේරත් Saturday, 17 November 2012 03:35 PM

මාර බඩක් නේ . බඩට යටින් මොනවද තිබ්බේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site