IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘තව දේව දරුවෙක්‘

අත් සතරකින් හා පා සතරකින් යුතු පිරිමි දරුවෙක් නැගෙනහිර ඉන්දියාවේ බරුයිපූර් ප‍්‍රදේශයේ උපත ලබා සිටී.

දෙමව්පියන් මෙන්ම ප‍්‍රදේශවාසීන්ද දැනටමත් මේ දරුවාට දේවත්වයක් ආරූඪ කර ඇත.දරුවාට නම් තබා ඇත්තේද ‘‘ගෝඞ් බෝයි (දේව දරුවා)‘‘ ලෙසය.

දරුවා බැලීමට දස දෙසින් ජනතාව පැමිණෙමින් සිටින බවත් ඔවුන් පාලනය කිරීම ඉතා අපහසු බවත් ප‍්‍රදේශයේ පොලිසිය කියයි.

වෛද්‍යවරුන් පවසන්නේ දෙබිඩි දරුවෙකු උපත ලැබීමට තිබෙද්දී ඇතිව ඇති විකෘතිතාවක් නිසාවෙන් දරුවා මෙසේ උපත ලබා ඇති බවයි.වැඩිපුර ඇති ගාත‍්‍රා ඉවත් කර දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකි බවද ඔවුන් කියයි.

නමුත් දරුවාගේ දෙමව්පියන් මෙන්ම ඔහු වටා ගොඩනැගෙමින් සිටින අනුගාමීන්ද ඊට අකමැතිය.මේ දරුවා දෙවියන්ගෙන් ලද සළකුණක් යැයි ඔවුහු දැඩිවම විශ්වාස කරති.

2345570E00000578-2839527-image-53_1416326306147



අදහස් (0)

‘තව දේව දරුවෙක්‘

රූපවති Thursday, 20 November 2014 06:18 AM

මේ දරුවාගේ ඔපරේෂන් එකට දෙමාපියන්ගේ සිතේ කැමැත්ත පහළවේවා ..!(හේ)

:       0       0

රණවීර Wednesday, 19 November 2014 10:15 AM

අනේ පව් නේද.. ! (ර)

:       0       0

රුවන් Wednesday, 19 November 2014 10:52 AM

මේ බබා දෙවියෙක් වෙන්නේ කොහොමද? මේදරුවගේ අමතර අත් හා දෙපා ශල්‍යකර්මයකින් ඉවත්කොට සාමාන්‍ය දරුවෙකුවසේ ජීවත්වන්නට ඉඩ ලබාදිය යුතුය. නැතිනම් මේ දරුවා සදාකල් අබ්බගාතයෙක් වේවි. (ර)

:       0       0

දයානන්ද Thursday, 20 November 2014 02:03 AM

මේ වගේ දරුවන් ඉපදෙන්නේ පිනකට නෙවෙයි කියලයි මමනම් දන්නේ. (ස)

:       0       0

ධනුෂ්ක Thursday, 20 November 2014 02:05 AM

මමනම් හිතන්නේ මේක පවක් කියලා. (ස)

:       0       0

කුමාර Thursday, 20 November 2014 02:21 AM

අංග සම්පුර්ණ ශරීරයක් ලැබීම කුසල කර්මයක ප්‍රතිපලයක් විකෘර්ති ශරීරයක් ලැබීම අකුසල කර්ම විපාකයක් මේ උපත පෙර ඔහු විසින්ම සිදු කරන ලද බලවත් පාප කර්මයක විපාකයක් (ස)

:       0       0

ඉසුරන්දි දෝහා Wednesday, 19 November 2014 01:55 PM

දරුවාගේ ජිවිතේ ගැන නොසිතා එක එක මන්සගාත ඔලුවේ පුරෝගෙන. (ර)

:       0       0

මධුරන්‍ග Tuesday, 25 November 2014 03:28 AM

අනාගතය ගැන සිතන්‍න (නදී)

:       0       0

කින් බෙනට් Wednesday, 19 November 2014 03:26 PM

මේ විදියට බැලුවොත් එහෙම අපිට ඉන්දියාවේ දෙවිවරු කොහොමද ඇති උනේ කියල හිතාගන්න අමාරු වෙන්නේ නෑ.. පවු ඒ දරුවා .. (අ)

:       0       0

නාලි Thursday, 20 November 2014 04:10 AM

අවාසනාවකි, සුවපත් වේවා ! (අ)

:       0       0

දේශපුත්‍ර Thursday, 20 November 2014 04:21 AM

මේ විදිහට විකෘති ශරීර තියෙන අයගේ පින්තුර සහ ප්‍රතිමා අපේ රටේ කොයි තරම් වන්දනාමානයට පත් වෙනවාද. මෝඩයන්ට ඥානය පහළවේවා ! (අ)

:       0       0

තාරක Thursday, 20 November 2014 04:22 AM

ඉන්දියවෙ සමහර පැති වල ඉන්නව ඔය වගෙ මෝඩ විදිහට හිතන මිනිස්සු. ඒවා ඉතින් කවදාවත් හදන්න බැහැ(අ)

:       0       0

ජයරත්න Thursday, 20 November 2014 10:44 AM

ළමයා හිගන්නාගේ තුවාලේ වගේ කර ගනිද?(හේ)

:       0       0

බණ්ඩාර Thursday, 20 November 2014 11:10 AM

ස්කන්ද කුමාර දෙවියෝ නැවත ඉපදිලා වගේ .(හේ)

:       0       0

බණ්ඩාර රුසියාව Wednesday, 19 November 2014 06:22 PM

ඕක හම්බකරගන්න හොඳ අවස්ථාවක්. ඉන්දියන් අය සල්ලිවලට නොකරන දෙයක් නැතිතරම්. වකුගඩු පෙනහළු පවා විකුණලා මත්පැන් බොනවා. (නි)

:       0       0

සුමේධ Thursday, 20 November 2014 05:20 AM

මුලා සිහියෙන් මිනිසුන් මේ දරුවට දේවත්වයක් ආරූඩ කළත් බුදුරජාණන් වහන්සේ වේදසිටියානම් දේශනාකරවී මේ දරුවගේ පාපකාරී විපාකය. මේ දරුවා විදින්නේ දුකක්. මිනිසුන් දේවත්වයක් ආරුඩ කලත් කව්ද කැමති මේ වගේ උපතකට. සත්වයාගේ දායාදය ,ඥාතියා , පිළිසරණ කර්මයි. යහපත් කර්මයක් කළොත් යහපත් විපාක. අයහපත් කර්මයක් කළොත් අයහපත් විපාක ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලේ. (බ)

:       0       0

සමන්ති Wednesday, 19 November 2014 09:48 PM

කාලයෙන් කාලයට මේ වගේ මිනිසුන් විවිධ දේවල් කරනවා. ලංකාවෙත් මිනිසුන් රවටන අය ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site