මුහුදු පත්ලේ තෙල්, ඛණිජ හා ගෑස් ගවේෂණය කරනු ලබන ඕස්ට්‍රේලියා සමාගමක් වන ජෝරෙසොනන්ස් ආයතනය පවසන්නේ මුහුදු පත්ලේ ස්කෑනින් පරික්ෂණයකින් විශාල ගුවන් යානයක හැඩයට සමාන ලෝහමය ද්‍රව්‍ය දක්නට ලැබුණු බවයි.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ බංග්ලාදේශයට කිලෝ මීටර1000 ක් දකුණු දෙසට වන්නට බෙංගාල බොක්ක ප්‍රදේශයේය. අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය ගිලී ඇතැයි දැනට පරීක්ෂණ පවත්වන සීමාවට කිලෝ මීටර 5000ක් උතුරෙනි.
ඒකාබද්ධ සම්බන්ධීකරණ ඒජන්සිය පවසන්නේ මේ සොයා ගැනීම පිළිගත නොහැකි දෙයක් බවයි. එම ඒජන්සියේ පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ අතුරුදන් වූ එම්.එච්.370 යානයේ කොටස් ඇත්තේ තමන් විසින් මෙතෙක් සොයා බැලීම් කරන ප්‍රදේශයේ බවයි. ඔවුන් පවසන්නේ යානය දැනට මුහුදු පත්ලේ ගිලී ඇති බවයි.
ජොරෙසොනන්ස් සමාගම පවසන්නේ තමන්ට ලැබී ඇති ලෝහමය වස්තුවේ ඡායාරූප ස්ථිරව ම එම්.එච්.370 යානයේ යැයි තමන් නොකියන බවයි. කෙසේ වෙතත් තමන්ගේ යනත්‍රවලට අහඹු ලෙස හමුවූ මේ අමුතු වස්තුව කවර දෙයක් ද යන්න සොයා බැලිය යුතු බවයි.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් සොයන යන්ත්‍රයට හමුවුණේ අතුරදන් යානයදැයි සැකයක් ?
රොස්චින්ද සොයිසා Thursday, 01 May 2014 01:14 AM
බෙන්ගාල බොක්කේ ගියා වගෙ කියන්නෙ කට කහානවට යැ.(නදී)