IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


තෙල් අපනයන ආරම්භ කරන්න - ඇමෙරිකාව ලිබියාවට දැනුම් දෙයි

තෙල් අපනයන ඉක්මනින් ආරම්භ කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (21) ලිබියාවට දැනුම් දුන්නේය.

ලිබියාවේ හමුදා පාලක කලීෆා හෆ්තාර්ට සහාය දක්වන කණ්ඩායම් පසුගිය සතියේදී තෙල් සැපයුම් මාර්ග අවහිර කළේය.

තෙල් අපනයන ලිබියාවේ ජීවනාලිය ලෙස සැලකේ.
ජාතික තෙල් සංස්ථාවේ මෙහෙයුම් අත්හිටුවීම ලිබියාවේ ඇති වී තිබෙන හදිසි මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර කරන බව ට්‍රිපෝලි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

තෙල් සංස්ථාවේ මෙහෙයුම් අත්හිටුවීමෙන් දැනටත් පීඩා විඳින ලිබියානු ජනතාව මත තවත් බරක් පටවන බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.

“ජාතික තෙල් සංස්ථාවේ කටයුතු කඩිනමින් නැවත ආරම්භ කළ යුතු” යැයි ලිබියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

හමුදා පාලක හෆ්තාර්ගේ බළඇණි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් ආණ්ඩුවේ පාර්ශව සහ හමුදා සමඟ සටන් වදී. ඔවුහු පසුගිය සෙනසුරාදා තෙල් අපනයනය කරන ලිබියාවේ ප්‍රධාන පෙළේ වරාය කිහිපයක් අවහිර කළහ.

ලිබියාව සම්බන්ධයෙන් පැවැත්වුණු ජාත්‍යන්තර සාම සමුළුව ආරම්භ වීමට දිනකට පෙර ඔවුහු එසේ වරාය අවහිර කළහ.
තෙල් අපනයන ලිබියාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන අතර වරාය අවහිර කිරීමෙන් ආදායම් මාර්ගවලට ද ප්‍රබල පහරක් එල්ල විය.

ආණ්ඩුවේ සහාය ලිබියාවට හමුදා යැවීමට තුර්කිය ගත් තීරණයට විරෝධය පළ කිරීමක් ලෙස හෆ්තාර්ගේ හමුදා බළඇණි එලෙස වරාය අවහිර කළේය.  

එම බාධා කිරීමේ හේතුවෙන් දෛනික තෙල් බැරැල් නිමැවුම මිලියන 1.3 සිට 500,000ක් අඩුවනු ඇති බවටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවටත් ලිබියාවේ ජාතික තෙල් සංස්ථාව අනතුරු ඇඟවීය.

උතුරු අප්‍රිකාවේ පිහිටි රටක් වන ලිබියාව තෙල් සම්පතින් පොහොසත්ය. නෙටෝ හමුදාවල සහාය ඇතිව 2011 වසරේදී ඇති වූ කැරැල්ලෙන් මුවම්මර් ගඩාෆි ඝාතනයට ලක්වූ අතර එතැන් පටන් ප්‍රතිවිරුද්ධ කල්ලි කණ්ඩායම් හා පාර්ශව අතරේ ගැටුම් පවතී.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

තෙල් අපනයන ආරම්භ කරන්න - ඇමෙරිකාව ලිබියාවට දැනුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 557 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site