පිලිපීනයේ ඩවාවෝ නගරයට නැගෙනහිරින් පිහිටි වෙරළ තීරයක තිබී හමුවූ මියගිය තල්මසකුගේ ආමාශයේ ප්ලාස්ටික් බෑග් කිලෝග්‍රෑම් 40ක් තිබී හමුවූ බව පර්යේෂකයෝ සඳහන් කරති.
එය මෙතෙක් තල්මසකුගේ සිරුරේ තිබී හමුවූ විශාලම පොලිතීන් හා ප්ලාස්ටික් තොගය බව මෙම ගවේෂණය සිදුකළ ඩි බෝන් කෞතුකාගාරයේ බලධාරීහු කියති.
ෂොපින් බෑග් විශාල ප්‍රමාණයක් සහ සහල් දැමීමට භාවිත කරන ගෝනි 16ක් තල්මස් ආමාශයේ තිබී ඇත.
පිලිපීනය ද ඇතුළුව ගිණිකොණදිග ආසියානු රටවල් බොහොමයක මෙලෙස ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් දැවැන්ත ගැටලුවක් බවට පත්වී ඇතැයි පරිසර විද්‍යාඥයෝ අවධාරණය කරති.
චීනය, ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය හා වියට්නාමය යන ආසියානු රටවල් පහේම ඉවත දමන ප්ලාස්ටික් වලින් 60%ක් සාගරයේ තැන්පත් වන බව ගණයය කර ඇති අතර 2015 වර්ෂයේ නිකුත් වූ වාර්තාවක මේ බව සඳහන් කර ඇත.
කසල කළමණාකරනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගතහොත් ඉදිරි දස වසර තුල සාගරයේ තැන්පත් වන ප්ලාස්ටික් ප්‍රමාණය තෙගුන වනු ඇති බවට බ්‍රිතාන්‍ය රජය මෑතකදී එළිදරව් කලේය.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තල්මස් සිරුරේ ප්ලාස්ටික් කිලෝ 40ක්