තලේබාන් සංවිධානය ඇමරිකානු භටයන් සමඟ දින 10 ක සටන් විරාමයකට එළඹීම සඳහා මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා අතරතුර තීරණය කරනු ඇතැයි වාර්තා වේ.
දෙපාර්ශ්වය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා තලේබාන් සහ ඇමරිකානු නියෝජිතයෝ බදාදා (15) කටාර් රාජ්‍යයේ දෝහා නගරයේදී රැස්වූ බව කටාර්හි තලේබාන් කාර්යාලය පවසයි.
මෙම සාකච්ඡා වලදී යම් ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් තවත් දින කිහිපයක් සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් සඳහන් වේ.
වසර 18ක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සාකච්ඡා දින කිහිපයකින් බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
නැවත පසුගිය දෙසැම්බර් මාසයේ සාකච්ඡා ආරම්භ වුවද එයට ද බාධා එල්ල විය.
දෝහාහි දී ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇමරිකානු හමුදා සමඟ දින 10 ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සහ ඇෆ්ගනිස්ථාන රජයට එරෙහි ප්‍රහාර අඩු කිරීමට තලේබාන් නායකත්වය එකඟ වී ඇතැයි සඳහන් වේ.
මීට පෙර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණු නමුත් ගිවිසුමක් ඇතිවූ පසු දෙපාර්ශ්වයේ නියෝජිතයන්ට ජර්මනියේදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළ හැකි බවද තලේබාන් සංවිධානය පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තලේබාන් සංවිධානය ඇමරිකානු භටයන් සමඟ සටන් විරාමයකට