ඇමෙරිකා එක්සත් ජනපද සෙබළුන්ට ගුවන් කඳවුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය පාකිස්තානයට ප්‍රශංසා කර ඇත.
ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා කඳවුරු ඉවත් කරගැනීමත් සමඟ ඔවුන්ට පාකිස්තානය තුළ සිය හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට ඉඩ නොදීමට පාකිස්තානය තීරණය කර ඇත.
තලේබාන් සංවිධානය පාකිස්තාන රජයට ප්‍රශංසාව පළ කර ඇත්තේ ඒ සම්බන්ධයෙනි.
“සිය හමුදා කඳවුරු ඇමෙරිකානු හමුදාවට නොදීමට පාකිස්තාන රජය ගත් තීරණයට අපි අපේ සතුට පළ කරනවා” යැයි දෝහා නුවර සිට ‘ද නේෂන්’ පුවත් වෙබ් අඩවිය අමතමින් තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සොහායිල් සහීන් පැවැසීය.
“ඇමෙරිකානු හමුදාව සිය කඳවුරු පාකිස්තානයේ ස්ථාපිත කිරීමට ඉල්ලා සිටීම සාධාරණ නැහැ. පාකිස්තානය ඔවුන්ට නිවැරැදිව ප්‍රතිචාර දක්වා තිබෙනවා” යැයි හෙතෙම කීය.
කලාපය තුළ, විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළ හමුදා කඳවුරු ස්ථාපිත කිරීමේ සාකච්ඡා මේ වනවිටත් අවුල් ජාලයක් වී ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ මෙය සිදු වී ඇති බවත් ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
“පාකිස්තානය සමඟ පැවැති සාකච්ඡා මේ මොහොතේ අවුල් ජාලයක් වී ඇතැයි ඇමෙරිකානු නිලධාරීන් පිරිසක් එම පුවත්පතට පවසා ඇත. තවත් නිලධාරීන් පිරිසක් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බැවින් විකල්ප කිහිපයක් තිබෙන බව ය. එමෙන්ම දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති වීමට ඉඩ ඇති බව එම නිලධාරීන් පවසා ඇත.” යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.
හමුදා කඳවුරු ස්ථාපිත කරන්නේ නම් ඒ ඒ සඳහා වන හුවමාරු යනාදිය සම්බන්ධයෙන් පාකිස්තානය දැඩි කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.
ඒ.එන්.අයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තලේබාන් සංවිධානයෙන් පාකිස්තානයට ප්‍රශංසා