IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තලේබාන් සමඟ බලය බෙදාගන්න ඇෆ්ගන් රජය සූදානම්

තලේබාන් සංවිධානය සමඟ බලය බෙදා ගැනීමට තමන් සූදානම් බව බටහිර හිතවාදී මෙන්ම බටහිර අනුග්‍රහයෙන් ද පිහිටවනු ලැබූ ඇෆ්ගන් රජය පවසා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඇෆ්ගන් රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් සහ තලේබාන් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජිතයන් අතර පැවැති බවත් එම සාකච්ඡාවකින් අනතුරුව ඇෆ්ගන් රජය මෙම තීරණයට එලඹුණු බවත් ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

ඇෆ්ගන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් සංවිධානයේනියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලය හරහාය. ඇමෙරිකාව ප්‍රමුඛ සෙසු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ පළාත් සහ ප්‍රධාන නගර එකිනෙක අත්පත් කරමින් සිටී. මේ වනවිට හේරත් සහ ඝාස්නී ඇතුළු ප්‍රධාන නගර 10 කට වැඩි ගණනක් පවතින්නේ තලේබාන් ග්‍රහණයේය.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතරේ සාම වැඩපිළිවෙළක් සකස් කර දෙමිනි. කෙසේ නමුත් තලේබාන් සන්නද්ධ අංශය එම සාම වැඩපිළිවෙළට එරෙහිව යයි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් ඇෆ්ගනිස්තානයේ පළාත් සහ නගර අත්පත් කර ගන්නේ ඔවුන්ය.

ඇෆ්ගනිස්තානයනේ හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කනගාටු නොවන බවත්, මේ මොහොතේ ඇෆ්ගන් රජය සහ ආරක්ෂක අංශ කළ යුත්තේ තලේබාන්වරුන්ගේ තර්ජනවලට මුහුණ දෙමින්, ඔවුන්ට බලය තහවුරු කර ගැනීමට ඉඩ ලබා නොදීම යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.

කෙසේ නමුත් ඇමෙරිකා රජය, මේ වනවිටත්, කාබුල් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරීන් ආපසු ගෙන්වා ගැනීමට හමුදාව යොදවා ඇතැවි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

තලේබාන් ත්‍රස්තවාදීන්, ඇෆ්ගන් බන්ධනාගාරවලට ද පහර දෙමින් ඒවායේ සිරගත කළ ඔවුන්ගේ සාමාජිකයන් මුදා ගැනීමට පටන් ගෙන ඇතැයි ද වාර්තා වේ. ඊට අමතරව, ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා සාමාජිකයන්ට සහාය ලබා දුන් ඇෆ්ගන් සිවිල් වැසියන් සහ ආගමික නායකයන් සොයමින්, ඔවුන් ඝාතනය ද ආරම්භ කර තිබේ.

කාබුල්හිදීය (රොයිටර්)



අදහස් (0)

තලේබාන් සමඟ බලය බෙදාගන්න ඇෆ්ගන් රජය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site