IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තලේබාන් ත්‍රස්තයෝ කාබුල් නුවරට පහර දෙති

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට තලේබාන් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ කාබුල් අගනුවර රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස, රාජ්‍ය අමත්‍යාංශ, විදෙස් තානාපති කාර්යාල පිහිටා ඇති 'හරිත කලාපය' යන නමින් හැඳින්වෙන් අධි ආරක්ෂිත කලාපයටය.

ඇෆ්ගන් ජනාධිපති මන්දිරය ඇත්තේ ද මෙම අධිආරක්ෂිත කලාපයේය. ආරක්ෂිත කලාපයේ ආරක්ෂාව ඇෆ්ගන් හමුදාව සතු අතර, ඊයේ (3) රාත්‍රියේ තලේබාන් ත්‍රස්තවාදීන් මෙම ආරක්ෂිත කලාපයට ඉතා සැලැසුම් සහගත අයුරින් පහර දෙද්දී, ඇෆ්ගන් හමුදාව අසරණ වූ බව පැවැසෙයි.

ඊයේ (3) රාත්‍රී 8.30 ට පමණ, ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යවරයාගේ නිල නිවසට ද ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා තලේබාන් තුවක්කුකරුවන් කණ්ඩායමක් පැමිණි බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් ආරක්ෂක අමාත්‍යවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හෝ අනතුරක් සිදු නොවුණු නමුත්, නිල නිවසේ ආරක්ෂායට යොදවා සිටි ඇෆ්ගන් සෙබළුන් කිහිප දෙනකු ජීවිතක්ෂයට පත් විය.

ඊයේ (3) රාත්‍රියේ එල්ල වූ තලේබාන් ප්‍රහාරවලින් සහ බෝම්බ පිපිරීම්වලින් සිවිල් වැසියන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් ඇෆ්ගන් සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.

ඇමෙරිකා හමුදා පිටවී යෑමත් සමඟ, තලේබාන් ත්‍රස්තවාදීන්, ඇමෙරිකා හමුදාවට සහාය දක්වමින්, හිතවත්කම් දැක්වූ ඇෆ්ගන් සිවිල් වැසියන් සොයමින්, ඔවුන් ඝාතනය කිරීම ආරම්භ කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ විදෙස් තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තලේබාන් ත්‍රස්තවාදීන් යුද අපරාධ සිදු කරන බවය.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ එරට ප්‍රධාන නගරවලට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් පහර දෙන බවත්, හේරත්, ලෂ්කාර් ඝා සහ කන්දහාර් යන නගර යළිත් වරක් තලේබාන් ත්‍රස්ත ග්‍රහණයේ පවතින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර, ලෂ්කාර් ඝා නගරයේ තලේබාන් ඉලක්ක හඳුනා ගනිමින් ඒවාට ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකන් හමුදාව පවසා ඇත.

මීට අමතරව, ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ එම නගරවල වැසියන් පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත පලා යමින් සිටින බව ද වාර්තා වේ. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ සාම වැඩපිළිවෙළකට මඟ සකස් කරමිනි. ඇතැම් තලේබාන් කල්ලි මෙම සාම වැඩපිළිවෙළට විරෝධය පළ කරන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඔවුන්ය.

තලේබාන් ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූයේ ඇමෙරිකන් හමුදාව කිසිදු සැලැස්මකින් තොරව, හිටිහැටියේ පිටවී යෑමට තීරණය කළ බැවින් යැයි ඇෆ්ගන් ජනාධිපතිවරයා, ඇමෙරිකාවට චෝදනා කර තිබේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ තත්ත්වය දිනෙන් දින නරක අතර හැරෙන බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවධානය ඇෆ්ගනිස්තානයට යොමුු විය යුතු බවත් ඇෆ්ගන් විදේශ ඇමැති මොහොමද් අට්මාන්, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර්ට පවසා ඇත.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයට ඉන්දියාවේ සහාය වැඩියෙන් ලැබිය යුතුයි යන්න ඇමෙරිකාවේ විශ්වාසය වී තිබේ.

තලේබාන් තර්ජන හමුවේ ඉන්දියාවෙන් සහාය ලබා ගැනීමට තමන් පසුබට නොවන බව ද ඇෆ්ගන් රජය පවසා ඇත. කෙසේ නමුත් ඉන්දියාව පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන්නේ නැති බවය.

(රොයිටර්)



අදහස් (0)

තලේබාන් ත්‍රස්තයෝ කාබුල් නුවරට පහර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site