IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තලේබාන් අර්බුදය කඩිනමින් විසඳාගන්න ඕනෑ

ඇෆ්ගන් තලේබාන් අර්බුදයට කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට රුසියානු ජනාධිපති පුටින් ඇමෙරිකාවට, චීනයට සහ පාකිස්තානයට ඇරයුම් කර තිබේ.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇත්තේ, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා එරටින් පිටවී යෑමට පටන් ගත් බැවිනි. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීම සිදු කරන්නේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර, සාම වැඩපිළිවෙළක් සකස් කර දීමෙන් අනතුරුවය. කෙසේ නමුත් එම සාම වැඩපිළිවෙළ මේ වනවිට අසාර්ථක වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ තත්ත්වය දිනෙන් දින නරක අතර හැරෙමින් පවතින බවත්, ඇෆ්ගන් රජය සහ තලේබාන් අතර සවිමත් සාම වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවත් රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී ඇත.

ඇෆ්ගනිස්තානය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීම කලාපීය ආරක්ෂාවට පමණක් නොව ගෝලීය ආරක්ෂාවට ද තර්ජනයක් බවත් රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී ඇත. මේ අතර සාකච්ඡා සඳහා තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව රුසියානු ජනාධිපති පුටින්ට අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

(රොයිටර්)



අදහස් (1)

තලේබාන් අර්බුදය කඩිනමින් විසඳාගන්න ඕනෑ

nimisi Saturday, 07 August 2021 08:39 PM

රුසියාවයි, චීනයයි එකතු වුණා නම් හුඟක් ප්‍රශ්න නිමාවකට පත්වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site