IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයෝ මරු දකිති

ටියුනීසියාවේ සංචාරක සිත්ගත් සුයුසි වෙරළේ කොන්ටාවි සංචාරක කලාපයේ පිහිටි හෝටල් දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 19 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ඉස්ලාමීය දේශයක් උදෙසා සටන්වැද සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදි කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි විශ්වාස කරයි.

ප්‍රහාරයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් බහුතරයක් සිටින ස්ථානයක් ඉලක්ක වී ඇත.  

මේ සංචාරක කලපායේ පිහිටි රෝයල් කෙන්ස් හෝටලයේ නිවාඩුව ගතකරණ බ්‍රිතාන්‍ය සංචාරකයෙක් වන රෙබෙකා මයිල්ස් සහ ඇගේ මිතුරකු වන ඩීන් ඇන්ඩර්සන් විදෙස් මාද්‍ය වෙත පවසා ඇත්තේ බෝම්බ තර්ජනයක් ඇති බවත් තමන්ට කාමරයට යන්නැයි පණිවිඩයක් ලැබුණු බවත් ය. ඉන් පැය භාගයකට පමණ පසු විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවත් මේ ශබ්ද අකුණක් ගැසීමක් විය හැකියැයි සිතුව ද අහස පැහැදිලිව තිබුණු බැවින් අකුණක් විය නොහැකි බව තේරුම් ගත්තා යැයි ද ඔවුන් දෙදෙනා පවසා තිබිණි.

ඒ සමගම වෙරළේ සිටි සියළු දෙනා හෝටලය තුළට දිව ආ බවත් සෑම දෙනාගේම සිතේ මේ කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ ගැටළුවක් තිබූ බවත් රෙබෙකා කීවාය.  

පසුගිය මාර්තු මාසයේ ටියුනීසියාවේ බාර්ඩෝ ජාතික කෞතුකාගාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් විසි දෙදෙනකු මිය ගියහ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ ප්‍රහාරය එල්ල වූයේ ප්‍රංශයේ ලියොන් නගරයේ දී පුද්ගලයකු හිස ගසා මරණයට පත්කිරීමෙන් පසුව බවයි.



අදහස් (0)

ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයෝ මරු දකිති

අකිල Sunday, 28 June 2015 06:41 PM

බටුගෙදර ,ඔයා වගේ කට්ටිය තමා ඉස්සෙල්ලම දුවන්නේ මේ වගේ දෙයක් ලංකාවේ වෙන්න ගත්තම!(අ)

:       0       0

භානුක Saturday, 27 June 2015 03:41 PM

මම නම් මෙහෙම දේවල් අහන්නවත් කැමති නැහැ (නි)

:       0       0

සනුන් Sunday, 28 June 2015 08:00 PM

නුවන්ලගේ පොතේ තියන විදිහට මියෙන්මාරයේ චීනයේ වැඩ වෙනවා(අ)

:       0       0

නුවන් Monday, 29 June 2015 07:40 AM

සනුන්,පුන්නක්කු නෙමේ නේද තුන්වේලට කන්නේ? (බ)

:       0       0

ආලෝක Sunday, 28 June 2015 10:12 AM

ලෝකේ තමුන්ට පෙන්නේ තැටියක් විදිහට කියල මුළු ලෝකෙම ගැන අර්ථකතනයක් තම අනුගාමිකයන්ට දෙන්නේ නොදන්නා කමට නෙවේද?? (බ)

:       0       0

යාපා Saturday, 27 June 2015 04:57 PM

අහිංසක ජීවිත නැතිකර කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

ෆොන්සේකා Sunday, 28 June 2015 10:21 AM

සානු,ඔව් එදා තමා මාත් මේ මිනිස්සුන්ගේ විද්‍යාත්මක දැනුම හා අන්‍යාගමිකයන්ගේ ආගම ,දර්ශන ගැන දැනුම කොහොමද කියල දැන ගත්තේ.නමුත් නිසාර් වගේ රැඩිකල් වෙච්ච කට්ටිය තාමත් අදුරේ! (බ)

:       0       0

බලංගොඩ Saturday, 27 June 2015 07:05 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඩීන් Monday, 29 June 2015 08:18 AM

අයිඑස් ක්‍රියාකාරකම් ඉස්ලාම් දහමට සම්පුර්ණයෙන් පටහැනි. උන් ත්‍රස්තයන්. ඇමෙරිකානුවන්ගේ ගැත්තන්. (බ)

:       0       0

පහන් Saturday, 27 June 2015 10:26 AM

ලෝකය තැටියකි .ඉර මඩවලකට බසී ,භූමිකම්පා හටගන්නේ ඩෙනිම් නිසාය .මේවා මාර සිද්ධාන්ත නේ ?ලොක්කට නොබෙල් තෑග්ග දෙන්න දැනටමත් පරක්කු නැහැ .(අ)

:       0       0

නිසාර් Saturday, 27 June 2015 10:40 AM

අපාය පුරවන්නත් කට්ටිය ඕනි නේ. (අ)

:       0       0

සුදත් Saturday, 27 June 2015 11:10 AM

ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වගේ රටවල් නම් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ජීවිත හා ධනය කැප කරලා සටන් කරනවා... නමුත් චීනය කිසිම දෙයක් ඒ වෙනුවෙන් කරන්නෑ...(අ)

:       0       0

අතුල Saturday, 27 June 2015 11:11 AM

නිසර්,ඔයගොල්ලෝ ඉතින් මිනි මැරුවත් යන්නේ සුර ලෝකෙටනේ! (අ)

:       0       0

නිමල් ලලිතා Sunday, 28 June 2015 02:33 AM

සාමකාමී ජනතාවගේ ජිවිත හානි කරන විපතේ හෙලන කුමන හෝ අන්තවාදයක් යහපත් නැහැ. (නදී)

:       0       0

නිරාන් Monday, 29 June 2015 03:54 AM

අනේ යන්න නිසාර් ඔයා විකාර කියවනවා (නදී)

:       0       0

අහිංසා Monday, 29 June 2015 03:56 AM

නිසර් වැරැද්ද වැරැද්ද විදියට දකින කෙනෙක්. නමුත් මේ ආගමේ ඉන්න ලොකු උත්තමයෝ මුනිවත රකින්නේ මොකද ? (නදී)

:       0       0

නිසාර් Saturday, 27 June 2015 11:55 AM

පහන්, පොළොවේ හිටගෙන බලන කෙනෙකුට පොලොව තැටියක් තමයි. වායු ගෝලයයි, ජාල ගෝලයයි ඔතනට අදාළ නැහැ. සංස්කෘතික පරිහානියන් හා පහත් සමාජ මට්ටමකට මිනිසුන් යනවිට භූමිකම්පා විතරක් නොවෙයි, ලෝක විනාසයත් බලා පොරොත්තු වෙන්න පුලුහන්. ඉර මඩ වලකට බසින කතාව එක ඔබ විතරයි දන්නේ. (නදී)

:       0       0

බටුගෙදර Sunday, 28 June 2015 02:20 PM

කොහේදෝ වෙන එකකට මෙහෙ කුලප්පු වෙලා මොනවා කරන්නද ? (බ)

:       0       0

නුවන් Saturday, 27 June 2015 06:41 AM

මේගොල්ලන්ගේ පොතේ තියෙන විදිහටම වැඩ කරනවා! (නදී)

:       0       0

සානු Sunday, 28 June 2015 07:14 AM

අර බුදුහාමුදුරුවෝ මිනිමස් වැලදුව කියල රට වටේ ගියෙත් මේ අනුගාමිකයෙක් තමා! (බ)

:       0       0

සාලිය Saturday, 27 June 2015 02:21 PM

නිසර්,ඇත්ත කතාව කාන්තාරේ දහදුක් විදපු කෙනෙක් ලෝකේ හැටි කිව්වම ඔහොම තමා!(නදී)

:       0       0

අමිත් Sunday, 28 June 2015 07:34 AM

නිසාර් ඔයාලගේ ආගම යම් සමාජ ක්‍රමයක් හදන්න උත්සාහ කළත් ඒක අසමත් වෙලා. අද කාලෙට කොහොමත් ගැලපෙනවාද කියලා ඔයාම කල්පනා කරන්න. දැන් පේනවානේද යන මාර්ගය? ඔයාලගෙ පල්ලිය නෙමෙයි මොන දෙයියො කිව්වත් මේ තිරිසන්නු මේක නවත්වයිද? දැනුත් අවස්ථාව තියනවා ඔයාලගේ දැන උගත් මිත්‍රයන්ට මේවාට එරෙහිව නැගී සිටින්න..(බ)

:       0       0

කමල් Saturday, 27 June 2015 03:19 PM

නිසර්, තරහා වෙන්න එපා. ඔයාලා එක්ක තර්ක කරලා වැඩක් නැහැ. හැබැයි අපිව අන්දන්න නම් හදන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site