IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ත්‍රස්තයෝ එ.ජා. හෙලිකොප්ටරයක් අල්ලා ගනිති

සෝමාලියාවේ මෙහෙයුම්වල නියැලෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් හෙලිකොප්ටරයක් අල්ලා ගැනීමට එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ‘අල් ෂෙබාබ්’ ඉස්ලාමීය ත්‍රස්තයෝ සමත් වූහ.

හෙලිකොප්ටරය අල් ෂෙබාබ් ත්‍රස්ත. ග්‍රහණයට හසුවී ඇත්තේ, එය අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන්ගේ පාලනයට නතු ගල්ගඩූඞ් පළාතේ, ගඩූන් නමැති ගම්මානය අසලට හදිසි ගොඩබෑමක් කළ අවස්ථාවේදීය.

යානය හදිසියේ ගොඩබෑවේ එහි තාක්ෂණික දෝෂයක් හටගත් බැවිනි. හෙලිකොප්ටරයේ නියමුවන් ද ඇතුළු විදේශිකයෝ 9 දෙනෙක් වූහ. ඔවුහු ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයට පත්වූහ. හෙලිකොප්ටරයේ සිටි 9 දෙනා අතරේ හමුදා නිලධාරීහු තිදෙනෙක් ද සිටියහ.

අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ වසර 16 ක් කිස්සේය. අප්‍රිකාවට අයත් සෝමාලියාව, දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් දුර්වල රාජ්‍යයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ත්‍රස්තයෝ එ.ජා. හෙලිකොප්ටරයක් අල්ලා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 50 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site