නුදුරු අනාගතයේදී අගහරු මතට යන ගගනගාමීන්ගේ කණ්ඩායමට ඇතුළත් වීමට තමන්ද දැඩි කැමැත්තකින් සිටිනා බව අභ්‍යාවකාශය තරණය කළ ලොව ප‍්‍රථම කාන්තාව වන වැලෙන්ටිනා තෙරෙස්කෝවා පවසන්නීය.
ඇගේ වයස දැන් අවුරුදු හැත්තෑ හයකි.සිය දිවියේ අවසන් භාගය අභ්‍යාවකාශ චාරිකාවක් වෙනුවෙන් වැය කිරීමට හැකියාව ලැබෙන්නේනම් තමන්ට ඊට වඩා සතුටක් නැතැයි ඇය කියන්නීය.අගහරු මතට යන ගමනේ ආපසු පෘථිවියට පැමිණීමක් නොමැති බව තමන් දන්නා බවද තම ප‍්‍රියතම ග‍්‍රහලෝකය වන අගහරු තරණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නම් එම අවදානමද භාරගැනීමට තමන් සූදානම් බවද ඇය පවසයි.
ආධුනික පැරෂූට්වරියක වූ වැලෙන්ටිනා එදවස සොවියට් සංගමයේ අභ්‍යාවකාශ වැඩසටහනට ඇතුළත් කර ගන්නා විට ඇය 26 හැවිරදි තරුණියකි.අභ්‍යාවකාශය තරණය කිරීමට තවත් තරුණියන් තිදෙනෙකු සමග රුසියානු විද්‍යාඥයන් යටතේ පුහුණුව ලබා අවසන දස්කම් පෙන්වා අභ්‍යාවකාශය තරණය කිරීමේ වාසනාව හිමි කර ගැනීමට ඇය සමත් වූවාය.
සෝවියට් සංගමය නිපැදවූ වොස්ටොක් 6 යානයෙන් අභ්‍යාවකාශයට ගිය ඇය දින තුනක් පුරාවට අභ්‍යාවකාශයේ රැුදෙමින් පෘථිවිය වටා වට 48 ක් ගමන් කළාය.නිරුපද්‍රිතව යළි පෘථිවිය කරා පැමිණි ඇය සොවියට් සංගමයේ වීරයා යන සොවියට් සංගමය විසින් පිරිනැමූ ඉහළම සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.
මෙම මස 16 වන දිනට ඇය අභ්‍යාවකාශයට ගොස් වසර 50 ක් සපිරේ.නැවත වරක් සිය උපන් රටට ගෞරවයක් ගෙන දීම ඇයගේ අරමුණයි.
![]() |
![]() |
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තෙරෙස්කෝව රතු ග්‍රහයා තරණයට කැමතියි