තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.
ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදුණු බවත්, අත් බෝම්බවලින් දමා ගසමින්, ඔවුන් කළ වෙඩි තැබීම්වලින් පස් දෙනකු මියගොස් විසි දෙදෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා තරැණයකු සහ තරුණියකි. ඔවුන් වෙඩි තබමින්, අභ්‍යවකාශ ආයතනයට ඇතුළු වන අයුරු සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම ත්‍රස්ත යුවළ පැමිණ ඇත්තේ කුලී රථයකිනි. කුලී රථයේ රියදුරා ද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මියගිය සෙසු පිරිස තුර්කි අභ්‍යවකාශ ආයතනයේ සේවකයන් බව ද පැවැසෙයි. ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීමෙන් ත්‍රස්ත යුවළ මියගිය බව ද පැවැසෙයි.
ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. එසේ වුවත්, තුර්කි ආරක්ෂක අංශ සහ තුර්කි රජය චෝදනා කරන්නේ එය කුර්දි බෙදුම්වාදීන් වන පී.කේ.කේ. සාමාජිකයන්ගේ ත්‍රස්ත ක්‍රියාවක් බවටය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තුර්කි අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්
ama Thursday, 24 October 2024 08:12 AM
මුස්ලිම් අන්තවාදීන් දේව ඇදහිල්ලයි අජටාකාශවිද්‍යාවයි එක්ක පැටලිලා වගේ