IMG-LOGO

තුර්කියේ මාධ්‍යවේදීන් 120ක් බන්ධනාගාරවල

තුර්කියේ බන්ධනාගාරවල මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තවමත් රඳවා සිටින බව ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායමක් පවසති.

එසේම වසර දෙකක් පුරා පැවති හදිසි තත්ත්වය පසුගිය වසරේ ඉවත් කළද රටේ ජනමාධ්‍යවල තත්ත්වය යහපත් අතට හැරී නොමැති බවද ඔවුහු පවසති.

2016 වර්ෂයේ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසු තුර්කිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

කුමන්ත්‍රණයෙන් පසු සිය ගණනක් මාධ්‍යවේදින්ට නඩු පවරා ඇති අතර ඒවා බොහෝමයක් ත්‍රස්තවාදී චෝදනා මත පවරා ඇති නඩු වේ.

"මෙම සංඛ්‍යා ලේඛන පිටුපස ඇත්තේ අතිශය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කතාවකි. ත්‍රස්තවාදය සම්බන්ධව බරපතලම චෝදනා මත මාධ්‍යවේදීන් දුසිම් ගණනක් මාස ගනනක් තිස්සේ රඳවාගෙන සිටියි.

සමහර නඩු වසර ගණන් විභාග වෙමින් පවතී. බොහෝ අවස්ථාවලදී නිල අධි චෝදනා පත්‍රයක් හෝ නොමැතිව රඳවාගෙන සිටින බව සඳහන් වේ" යැයි නිරීක්ෂකයෝ පවසති. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

තුර්කියේ මාධ්‍යවේදීන් 120ක් බන්ධනාගාරවල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 671 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 504 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site