තුර්කියේ අන්කාරා නුවර අධිවේගී දුම්රිය අනතුරකින් සිව් දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම අනතුරින් පුද්ගලයන් 43 දෙනෙක් තුවාල ලබා ඇති බව අන්කාරා නුවර ආණ්ඩුකාර වසිප් සහින් පැවසුවේය.
අනතුර සිදු වී ඇත්තේ අන්කාරා නුවර සිට කොන්යා පළාතට ගමන් කරමින් සිටි අවස්ථාවේදීය.
දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුර සිදු වී ඇත.
එරට වේලාවෙන් උදෑසන 6.30 පමණ අනතුර සිදුවී ඇති අතර අනතුරින් මෝටර් රථ දෙකකට ද හානි සිදු වී ඇත.
අනතුරට පත් වූවන් මුදාගැනීමේ ප්‍රයත්නයන් මේ වන විටත් ක්‍රියාත්මක කරන බවත් සිදුවීම සම්බන්ධයෙන් තාක්ෂණික පර්යේෂණ ආරම්භ කර ඇති බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුර්කියේ දුම්රිය අනතුරකින් 4 ක් මරුට