තායිලන්තයේ උබොල්රතනා රාජකන්‍යා කුමරියව අගමැති අපේක්ෂකයෙකු වශයෙන් දේශපාලනයට යොමුකළ පක්ෂය අවලංගු කරන ලෙස එරට මැතිවරණ කොමිසම ව්‍යවස්ථා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
කුමරියගේ සොහොයුරා වන තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජුගේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු මෙය සිදුව තිබේ.
උබොල්රතනා කුමරියගේ අපේක්ෂකත්වය නොසලකා හැර පැය කිහිපයකට පසු තායිලන්ත රජු රාජකීය පරපුරේ තැනැත්තෙක් දේශපාලනයට පිවිසීම අතිශය නුසුදුසු බව පවසමින් එය හෙළා දැක ඇත.
බලවත් ෂින්වත්‍රා නම් වංශය හා මිතුරු පක්ෂයක් වන තායි රක්සා චාට් පක්ෂය විසින් උබොල්රතනා කුමරියගේ නම ඉදිරිපත් කළ දින සිට එරට දේශපාලන ක්ෂේත්‍රය දැඩි කැළඹීමකට ලක්ව තිබිණි.
රාජකීය පුද්ගලයකු දේශපාලනයට ගෙන ඒම සඳහා කටයුතු කළ තායි රක්සා චාට් පක්ෂය විසුරුවා හැරීමට ව්‍යවස්ථා අධිකරණයෙන් ඉල්ලීමක් කළ එරට මැතිවරණ කොමිසම රජ කුමරිය අගමැති අපේකෂකයකු ලෙස ඉදිරිපත්වීම රාජතන්ත්‍රයට සතුරු ක්‍රියාවක් ලෙස සලකන බවද පැවසීය.
(ඒ එෆ් පී ඇසුරිනි)
16844
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායි කුමරියව අපේක්ෂක ධුරයට යොමුකළ පක්ෂය විසිරුවා හැරීමට සැරසේ