පනස් දෙනකුට මරු කැඳවමින් පසුගිය සිකුරාදා (2) තායිවානයේ සිදුවුණු දුම්රිය අනතුරින් පසු එරට ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.
අනතුරට ලක් වෙද්දී දුම්රියේ 500 කට වැඩි පිරිසක් සිටි අතර, අනතුරින් 250 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. දුම්රිය මගීන් අතරේ, විදෙස් සංචාරකයෝ ද සිටියහ. දුම්රිය පීලි පැන අනතුරට ලක් වූයේ උමඟක් තුළය. ඒ, එය උමඟ පිවිසුම අසල, දුම්රිය මාර්ගයට ආසන්නයේ තිබූ නඩත්තු ට්‍රක් රථයක හැපීමෙනි.
අනතුර සිදුවෙද්දී, දුම්රිය මාර්ගය අසල නඩත්තු කටයුතු සිදුවෙමින් තිබුණු අතර, නඩත්තු සේවකයන්ගේ නොසැලකිල්ල නිසා දුම්රිය මාර්ගයට මදක් ඉහළින්, නවතා දමා තිබුණු එම නඩත්තු ට්‍රක් රථය තිරංග දෝෂයක් හේතුවෙන්, දුම්රිය මාර්ගය ආසන්නයට ලිස්සා ගොස් ඇතැයි විමර්ශනවලින් හෙළි වී තිබේ.
දශක 4 කට පසු තායිවානයේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර ලෙස මෙය සැලකෙයි. දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් එහි වගකීම තමන් බාර ගන්නා බවත්, ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් දමමින් පවසා තිබේ.
තායිපේහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවාන ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්වෙයි
Rata Perata Wednesday, 07 April 2021 06:23 AM
මෙන්න රට ගැන කැක්කුමක් තියෙන, පුද්ගලික වාසි බලන්නේ නැති නායකයින් ඉන්න රටක්. මේ රටවල් දියුණුවීමේ රහස මේකයි. ඒකට අපේ රටේ ඉන්න දේශපාලකයෝ... පාස්කු ප්‍රහාරයෙන් දෙසිය ගණනක් මරලත් ඔය ඉන්නේ ඔක්කොම කිසි කරදරයක් නැතිව.