තායිලන්තයේ රායොන්ග් පළාතේ පිහිටි රසායනික කම්හලක ඊයේ(06) සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව 105 දෙනකු තුවාල ලැබූ බව තායිලන්ත රජය පවසයි. බැංකොක් නගරයට සැතැපුම් 110 ක් දුරින් පිහිටි එරට විශාලතම කාර්මික පුරවරය ලෙස සැලකෙන මැප් ටා පුට්හි පිහිටි රසායනික කම්හලක් තුළ මෙම පිපිරීම සිදුවී ඇති බව වාර්තා වේ. සිද්ධියත් සමඟ වහා කි‍්‍රයාත්මක වූ කර්මාන්ත පුරයේ බලධාරීන් එහි සිටි දහසක් පමණ වූ සේවකයන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි. පිපිරීම හටගත්තේ කෙසේද යන්න පිළිබඳවත් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට සිදු විය හැකි හානිය පිළිබඳවත් තක්සේරු කිරීමට අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්තයේ රසායනික කම්හලක පිපිරීමක්