තම රට සමඟ තිබෙන සබඳතා නවතා දැමීමට සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් හතරක් ගත් තීරණය කිසිදු ආකාරයකින් සාධාරණය කළ නොහැකි බව කටාර් රාජ්‍ය ප්‍රකාශ කරයි.
සෞදි අරාබිය, ඊජිපත්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාරය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවමින් කටාරය දේශපාලන භාරකාරත්වයකට පත් කිරීමට උත්සාහ කරන බව ද කටාර් රාජ්‍යය චෝදනා කරයි.
“මේ රටවල් මේ තීරණය ගෙන තිබෙන්නේ කිසිදු පදනමක් නැතිවය. ඒ වගේම ඔවුන් එල්ල කරන චෝදනා වැරැදියි. අපිත් සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ගත් තීරණය කිසිදු ආකාරයකින් සාධාරණීය කරන්න බැහැ” යැයි කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“මොවුන්ගේ උත්සහාය පැහැදිලියි. මොවුන්ට ඕනේ කටාර් රාජ්‍යය භාරකාරත්වයකට ගැනීමටයි. එමඟින් කටාරයේ ස්වෛරීත්වය උල්ලංඝණය වෙනවා” යැයි ද කටාර් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබිණි.
වසර 2022 දී පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ ද කටාර් රාජ්‍යයි.
“මේ උත්සහාය කටාර් රාජ්‍යයට හානි පැමිණවීමේ අරමුණින් සකසන ලද පිටපතකට අනුව සිදු වෙන්නෙක්” යැයි ද එහි තවදුරටත් සඳහන්ව තිබිණි.
ඒ.එෆ්.පී 055

2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තම රටට එරෙහි චෝදනා බොරු බව කටාර් රජය කියයි