ගැබිනි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලයනය කර ඇති බවත් ඇයට ඉතා ඉහළ සහ කඩිනම් ප්‍රතිකාර සිදු කිරීම ආරම්භ කර ඇති බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ලේකම් ජේ. රාජක්‍රිෂ්ණන් පැවැසීය.
එම ගැබිනි මව මේ වනවිට මදුරේ හි රජායි රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රුධිරය රැගෙන ආ බව කියන සිවකාසී රෝහලේ සේවකයන් තිදෙනකු සේවයෙන් ඉවත් කළ ඇති බවත් රාජක්‍රිෂ්ණන් කීවේය.
නොසැලකිල්ල සම්බන්ධයෙන් එම සේවකයන් තිදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඇතැම් විට ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරනු ඇති බවත් හෙතෙම කීය.
ජේ. රාජක්‍රිෂ්ණන් එම ගර්භණී මවගේ පවුලේ සාමාජිකයන් ද හමු වී ඇත.
ගර්භණී කාන්තාවට රෝහලේ විශේෂ වාට්ටුවකදී වෛද්‍යවරුන් කණ්ඩායමක් විශේෂ ප්‍රතිකාර කරන බවත් පවුලේ සාමාජිකයන් එම ප්‍රතිකාර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ඇයට පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රාන්ත මහ අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් රාජක්‍රිෂ්ණන් කීවේය.
මෙම සිදුවීමත් සමඟ රුධිර සාම්පල පරීක්ෂා ආරම්භ කර තිබෙන අතර මවගෙන් දරුවාට ආසාදිතය වැළැඳීම ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට ප්‍රතිකාර ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ගැබිනි මවට රුධිරය දී ඇති 19 හැවිරිදි රුධිර දායකයා තමන් එච්.අයි.වී ආසාදිතයකු බව දැන ගැනීමත් සමඟ සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙන අතර මේ වනවිට ඔහුට ද ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.
ද හින්දු
055
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තමිල්නාඩුවේ ගැබිනි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලයනය කරලා