නිලේන්ද්‍ර දේවප්‍රිය විසින් අධ්‍යක්ෂණය කැරුණු "තන්හා රතී රඟා" චිත්‍රපටය ලබන (23) සෙනසුරාදා සවස 4.00ට උතුරු ලන්ඩනයේ හැරෝ නගරයේ සෆාරි සිනමා හලේ දීතිරගත විමට නියමිතය.
ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලද මෙම චිත්‍රපටයේ කමල් අද්දරආරච්චි, ස්වර්ණා මල්ලවාරච්චි, නීටා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ චරිත නිරුපනය කරති.
තිස් වසරක් යුදමය වාතාවරණයක් පැවති, කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා ගෙතී ඇති කතාවක් මෙම චිත්‍රපටය සඳහා තේමාවී ඇත.
මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවෙන් බැහැරව අන්තර් ජාතික සිනමා උත්සව වලදී ප්‍රදර්ශනයවී ඇතත් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහාම ප්‍රදර්ශනය කෙරෙන මුල් වතාව මෙය බව පවසන එහි අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේවප්‍රිය, තන්හා රතී රඟා නැරඹීම තුලින් සුවිශේෂි වු සිනමා අත්දැකීමක් ලබාගත හැකිබවද අවධාරණය කරයි.
ගිය වසරේ අප්‍රේල් මාසයේදී නවදිල්ලි නුවර පැවති අන්තර් ජාතික සිනමා උළෙලෙහිදී හොඳම චිත්‍රපටය ලෙස තන්හා රති රඟා සම්මාන ලැබිය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තන්හා රතී රඟා ලන්ඩනයේ රඟදෙති.