තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ.
මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට එහි වන මේ ස්පෝන්ජය තුවාලය මත පතිතවී ප්‍රසාරණය වේ.එවිට තුවාලය බාහිර පරිසරයෙන් ආවරණය වනවා සේම මෙම ස්පෝන්ජයේ අන්තර්ගත වන රුධිර කැටිගැසුම්කාරයක ක්‍රියාකාරීත්වය නිසා රුධිරය කැටි ගැසී රුධිර වහනයද නැවතේ.
මෙය නිර්මාණය කර ඇත්තේ යුද බිමේ තුවාල ලබන භටයින් ඉලක්ක කරගෙනය.වෙඩි වැදී සිදුවන බරපතල ගණයේ තුවාල වලින් රුධිර වහනය වීම නවතා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන තෙක් තුවාල ලැබූ පුද්ගලයා සුරක්ෂිත කිරීම මෙම උපකරණයේ කාර්යයයි.
සිරින්ජය නිශ්පාදනය කළ රෙව්මෙඩෙකස් සමාගමට පර්යේෂණ කටයුතු සදහා මූල්‍ය පහසුකම් සපයා ඇත්තේද ඇමරිකා ආරක්ෂක අංශයි.
මේ වනවිට සිරින්ජයට අවැසි තත්ත්ව සහතිකයින් ලබාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර සාමාන්‍ය ජනතාවට භාවිතයට ගත හැකි වනසේත් මෙය ඉක්මනින්ම වෙළදපොළට නිකුත් කිරීමට රෙව්මෙඩෙක්ස් සමාගම අපේක්ෂාවෙන් සිටී.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තත්පර 15න් තුවාල සුව කරයි
සහන් Thursday, 13 February 2014 04:53 PM
නියම වැඩක්.(නදී)
තිලක් Thursday, 06 February 2014 04:44 PM
මීට සමාන අයුරින් ක්‍රියා කරන ආයුර්වේද බෙහෙතක් තියෙනවා. අක්මැල්ල දළු තලා තුවාලයට යුෂ දමන්න. ඉන් පසු අතින් තද කර අල්ලාගෙන ඉන්න තත්පර 30 කදී ලේ නැවතී.. අධික රුධිරය ගලන මහා තුවාලයක් වුවත් බිය විය යුතු නෑ. කැලේදී පොරව පහරක් වැදී කකුලේ ප්‍රධාන නහරයක් කැපී ලේ ගලන පුද්ගලයෙක්ගේ ලේ නැවැත්තුවා අපේ ගම්වල හැමෝම මේවා දන්නවා. (නදී)
සෙලාන්සියුස් Thursday, 06 February 2014 07:43 PM
තිලක්, ඔබ කියන්නේ ඇත්ත වෙන්න පුලුවන්. නමුත් මෙවැනි සිරිංජයක වටිනාකම නම් ඕනැම තැනක රැගෙන යා හැකි වීමත් සහ බෙහෙත් පැලෑට් ගැන නොදන්නා කොනෙකුට පහසුවෙන් පාවිච්චි කිරීඹත් යන දෙකයි.(නදී)
සුදෙහ් Friday, 07 February 2014 07:22 PM
මේක හදන්න සතුන් කී දෙනෙකුට වෙඩි තිබ්බද දන්නේ නැහැ.. (දී)
බණ්ඩා Friday, 07 February 2014 04:03 AM
තිලක් , මේක 21 වන සියවස .......(අ)
කලනි Sunday, 09 February 2014 02:14 AM
ටිකක් විමසිල්ලෙන් ඉන්න. ඕවයේ අතුරු අබාධ දැනගන්න වෙන්නේ තව අවුරුදු ගණනාවකින්. ධම්ම කියන දේ ගැනත් සලක බලන්න ඕනේ. අපේ දේ අපේ අයට අගේ නැති බව ප්‍රතිචාර වලින් පේනවනේ.එකෙන් ප්‍රයෝජන ගන්නේ නොරටුන්. (අ)
නන්දන Friday, 07 February 2014 05:14 AM
එම බේත මීට කලින් නිෂ්පාදනය කරලා තිබුණා නම් මේ ඡන්ද කාලෙට හෝ උද්ඝෝෂණ වලට ප්‍රයෝජනවත් කියල මට හිතනවා.(අ)
අසීම් Monday, 10 February 2014 08:50 PM
මේක ලොකු තුවාල වලට විතරයි පාවිච්චි කරන්නෙ. සාමාන්‍ය භාවිතයට ගන්න බැරි කතාවක් බ්ලොග් අඩවියක සදහන් කරලා තිබුණා. තිලක්, ඔයාගේ ප්‍රතිකාර ක්‍රමය ටිකක් දියුණු කරන්න තිබ්බා නම් තමයි හොද. (නදී)
ශීලා Monday, 10 February 2014 07:47 AM
දම්මලා වගේ උන්දලා ඉරිසියාවට විකාර දොඩවනවා.... ඕක අපේ එකෙක් කළා නම් හු තියයි දෙකක් වෙන්න. (නදී)
ගැමියා Friday, 07 February 2014 07:37 AM
මේක ස්ථීර පිලියමක් නොවෙයි වෙන්න ඕන. තුවාලෙට නිසි ප්‍රතිකාරයක් ලැබෙනතුරු විතරයි මට හිතෙන්නේ. නැතුව ස්පොන්ජ් ටික ඇතුලේ තියෙද්දී උඩින් තුවාලේ වැහුනොත් ? අනික මිල කොහොම වෙව්විද දන්නේ නැ. ලංකාවට ගේනකොට (දී)
සම්පත් කහවිට Wednesday, 12 February 2014 08:11 AM
රටේ දැන් යුද්ධයක් නොමැති නිසා මේක ඒ තරම් අවශ්‍ය තාවයක් නැති වේවි. නමුත් හදිසි අනතුරු වලට ලක්වෙන අයට සුදුසු වේවි. (නදී)
චානක Friday, 07 February 2014 07:48 AM
ඉතා හොද නව සොයා ගැනීමක්, යුද්ධයේදී භාවිහා කරන්න සුදුසුයි (දී)
පිටබැද්දර ජයා Sunday, 09 February 2014 11:09 AM
තිලක්, කොලා නේද වැඩේ ? දැන් ඉතින් අක්මල්ල ගස් ටිකටත් දෙවියන්ගේම පිහිටයි (අ)
ජිනේන්ද්‍ර Monday, 10 February 2014 08:43 AM
ඉතා හොද සොයා ගැනීමක්. i(දිල්)
වෙනුක Friday, 07 February 2014 08:54 AM
නියමයි නේ දැන් ඉතින් තුවාල කර ගන්න මකට බය වෙනවද?
චන්දිම සිරිවර්ධන Saturday, 08 February 2014 12:48 AM
හොඳ සොයා ගෑනීමක් (දිල්)
ලක්ෂමන් ජයවර්ධන Thursday, 06 February 2014 10:50 AM
නියමයි. දැන් ඉතින් කඩු කිනිසි කාරයින්ට මොකට බය වෙනවද? සිරිංජරයක් නිතරම ළඟ තබා ගන්නවා.(නදී)
ජයන්තා කුලතුංග Sunday, 09 February 2014 02:26 PM
මිට කලින් මේක අවා නම් අපේ රණවිරුවන්වත් බේරා ගන්න තිබුන (දී)
ධම්ම Friday, 07 February 2014 01:32 PM
ටිකක් හොයලා බලන්න අක්මැල්ල ශාඛ සාරයට පේටන්ට් අරන් තියෙන්නේ මෙයාලාද කියලා.(දී)