IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තාක්ෂණයේ තවත් හාස්කමක්

චිත්‍රපට හා විද්‍යා ප්‍රබන්ධ වල පමණක් මෙතෙක් දැක ගත හැකිවූ අදිසි කබා, අදිසි ඇදුම් පැළදුම් හා භාණ්ඩ ආදිය සැබෑවටම නිපදවිය හැකි අමුද්‍රව්‍යයක් සොයාගැනීමට හැකිවූ බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

භෞතික යැයි අප සළකන දේ අපට පෙනෙන්නේ ඒවායේ ආලෝකය ගැටී පරාවර්තනය වීම නිසාය.

මේ කරුණ සැළැකිල්ලට ගෙන ඇති පර්යේෂක පිරිස කර ඇත්තේ ආලෝකය පරාවර්තනය නොකර එය වෙනස්ම විදියකට හැසිරවිය හැකි අමුද්‍රව්‍යයක් නිපදවිය හැකිදැයි සොයාබැලීමයි.

මේ සදහා ඔවුන් කර ඇත්තේ නැනෝ අංශු තරමේ රත්‍රන් ගෝල දම්වැලක් පරිදි එකිනෙක හා සම්බන්ධ කර පසුව මෙම දම්වැල් එකිනෙක මත තබා ස්ථරයක් සාදා ගැනීමයි.

පසුව මෙම ස්ථරය මතට ආලෝකය පතනය කර බැලු කල්හි පර්යේෂකයින්ට හඳුනාගත හැකිව ඇත්තේ එම ස්ථරයෙන් සාමාන්‍ය පරිදි ආලෝකය පරාවර්තනය වීමක් සිදුනොවන බවයි.එය ආලෝක කිරණ ‘වටේ යැවීමක්‘ සිදුකරන බව කියනා ඔවුන් මෙම සංසිද්ධිය නිසාවෙන් එම ස්ථරය මිනිස් ඇසට හොඳීන් නොපෙනන බව පවසයි.

මෙසේ ආලෝකය වෙනස්ම ආකාරයට හසුරුවන අමුද්‍රව්‍යයන් වන ‘මෙටා මැටීරියල්ස්‘ ගැන අතීතයේ සිටම විද්‍යාඥයින් විවිධ මත ඉදිරිපත් කළද එය ප්‍රායෝගිකව අත්හදා බලා ඇති ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි.

මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ කළ යුතුව ඇති බව පවසන පර්යේෂකයින් ඒ කෙසේ වුවත් මෙහිදී ලත් ප්‍රතිඵලය අනාගතයේ නව නිපැයුම් රාශියකට අඩිතාලම වනු ඇතැයි කියයි.



අදහස් (0)

තාක්ෂණයේ තවත් හාස්කමක්

ගමගේ Thursday, 31 July 2014 03:44 AM

සුපිරිම වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site