ණය ගෙවා අවසන් කිරීම සඳහා තම රටට “වේදනාකාරී” ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානියා හමුවීමෙන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඒ බව කීවේය.
ඩුබායි නුවර ලෝක ආණ්ඩු සම්මේලනය අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය. කිස්තානය දැවැන්ත අයවැය හිඟයකට මුහුණ දෙමින් සිටි බවත් එම කාලයේදී එම හිඟය පියවා ගැනීමට කටයුතු කළ බවත් හෙතෙම කීය.
“මම නැවතත් කියනවා. ප්‍රතිසංස්කරණ වේදනාකාරියි. ඒක ශල්‍යකර්මයක් වගේ. ඔබ ශල්‍යකර්මයක් කරද්දි රෝගියා තරමක වේදනාවක් විඳිනවා. එහෙත් ශල්‍යකර්මය කිරීමෙන් අනතුරුව තත්ත්වය හොඳ අතට හැරෙනවා” යැයි ඉම්රාන් ඛාන් කීවේය.
“සමාජයකට වෙන්න පුළුවන් නරකම දේ ප්‍රතිසංස්කරණ කල් දැමීමයි. විරෝධතා පැමිණෙනු ඇතැයි බියෙන් ප්‍රතිසංස්කරණ කල් දැමීම තරම් නරක දෙයක් තවත් නැහැ. පටු වුවමනා තිබෙන අය නැගිට ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරනවා. ඊට බයෙන් ඔබ ප්‍රතිසංස්කරණ කරන්නේ නැහැ. එය තරම් නරක දෙයක් තවත් නැහැ” යැයි ද පාකිස්තාන අගමැතිවරයා කීය.
සම්මේලනය ඇමතීමට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඞ් හමු වී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා විය.
පාකිස්තාන රාජ්‍ය බැංකුවට අනුව පාකිස්තානය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100කට ආසන්න වේ.
අල් ජසීරා ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2437
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ණය ගෙවා දමන්න වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි