'කොවිඩ් 19' කොරෝනා වයිරසයේ 'ඩෙල්ටා' ප්‍රභේදය, පැපොල රෝගය මෙන් ඉතා වේගයෙන් බෝවන, බරපතල රෝගාබාධ ඇති කරන වයිරස විකෘතියක් යැයි ඇමෙරිකාවේ වසංගත රෝග මර්දනය සහ ව්‍යාප්තිය පාලනය කිරීමේ ඒකකය අනතුරු අඟවයි.
මේ වනවිට ඇමෙරිකාවෙන් යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත්තේ 'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තිය හේතුවෙනි. ඇමෙරිකාවේ මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින, ප්‍රධානතම 'කොවිඩ් 19' වයිරස විකෘතිය ලෙස 'ඩෙල්ටා' සැලකිය හැකි යැයි ඇමෙරිකාවේ වසංගත රෝග මර්දනය සහ ව්‍යාප්තිය පාලනය කිරීමේ ඒකකය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
සෞඛ්‍ය අංශ කළ අනතුරු ඇඟවීම් සහ උපදෙස් අනුව නව මාර්ගෝපදේශ ඇමෙරිකන් වැසියන්ට ලබා දී ඇති අතර, වයිරස රෝගීන් බහුල නගර, පළාත් සහ ජනපදවල වැසියන් එන්නත් මාත්‍රා දෙක නියමිත පරිදි ලබාගෙන ඇතත්, යළිත් වරක් මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. සමාජ දුරස්ථභාවය ද අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.
ඇමෙරිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක වී, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී අවසන් වූ බව සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, පනවා තිබූ තහංචි ලිහිල් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය කටයුතු කර තිබුණි. අනපේක්ෂිත අයුරින් ආසාදිතයන් යළි වැඩිවීමට පටන් ගෙන ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය.
මේ වනවිට ඇමෙරිකාවේ පමණක් නොව, ලෝකයේ රටවල් බොහොමයක යළි කොරෝනා ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන තිබේ. ඒ, 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. 'ඩෙල්ටා' යනු පළමු වරට ඉන්දියාවෙන් හමුවුණු කොරෝනා වයිරස විකෘතියයි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’ඩෙල්ටා’ පැපොල වගේ වේගයෙන් පැතිරෙනවා