IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’ඩෙල්ටා’ පැතිරෙනවා: චීනයේ තත්ත්වයත් නරක අතට

චීනයේ, ජියැංෂු පළාතේ නැංජියැන් නගරයෙන් ව්‍යාප්තවීමට පටන් ගත් 'කොවිඩ් 19 ඩෙල්ටා විකෘතිය' මේ වනවිට චීනයේ පළාත් රැසකට ව්‍යාප්තවී ඇති බවත් ජූලි මාසයේ පමණක් නව ආසාදිතයන් 328 දෙනකු වාර්තා වී ඇති බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

මෙම 2021 වසරේ ජනවාරියේ සිට ජූනි තෙක් මාස 6 කාලයේදීවත් එතරම් කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා නොවන බව ද චීන සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

පළමුවෙන්, චීනයේ නැංජියැන් නගරයේ 'ඩෙල්ටා' ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම සිදුවූයේ නැංජියැන් ගුවන් තොටුපොළේ පිරිසුදු කිරීමේ සේවිකාවන් 9 දෙනකි.

එම නව දෙනාගෙන් ආරම්භ වුණු 'ඩෙල්ටා' පොකුර නගරය පුරා වේගයෙන් පැතිරීමට පටන්ගත් අතර, සෙසු පළාත් සහ නගරවලට ද දැන් එය පැතිර යමින් තිබේ. පළමු 'ඩෙල්ටා' ආසාදිතයන් නැංජියැන් නගරයෙන් වාර්තා වූයේ ජූලි 20 වැනිදාය.

නැංජියැන් නගරයේ මිලියන 9.2 ක ජනගහනයක් වාසය කරන අතර, ඔවුන් සියලු දෙනා මේ වනවිට දෙවරක් පී.සී.අර්. පරීක්ෂණවලට ලක් කර, ආසාදිතයන් හඳුනා ගැනීම සිදු කළේ යැයි නැංජියැන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (1)

’ඩෙල්ටා’ පැතිරෙනවා: චීනයේ තත්ත්වයත් නරක අතට

Nuwan Sunday, 01 August 2021 11:47 AM

චීනය කියන්නේ දැන්නම් මානව වර්ගයාගේ ලොකුම හතුරෙක්... පුදුම කරුමයක් මේක...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site