IMG-LOGO

ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක් මරුට

ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ මීර් අලී නගරයට ඊයේ (14) එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තාන සිවිල් වැසියෝ පස් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඇමෙරිකා හමුදාව කියා සිටියේ තලේබාන් සටන්කාමීන්ගේ තිප්පොලක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය එල්ල කළ බවය. නියමුවන් රහිත ඩ්‍රෝන යානය එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මීර් අලී නගරයේ ගොඩනැගිලි කිහිපයක් ද විනාශ විය.
මේ මාසයේ ඇමෙරිකන් හමුදාව එල්ල කළ දෙවැනි ඩ්‍රෝන ප‍්‍රහාරය එය යැයි විදෙස් මාධ්‍ය වාර්තා පැවැසීය.
මේ අතර දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන රජය ඇමෙරිකාවට දොස් පවරා ඇත. පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් මීට පෙර ද ඇමෙරිකාවට චෝදනා කර ඇත්තේ, ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එල්ල කරන එම ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු බවය.



අදහස් (0)

ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක් මරුට

ලහිරු Monday, 15 July 2013 09:38 AM

හලාල්. (නි)

:       0       0

ඉන්දික Monday, 15 July 2013 09:41 AM

හිලරි නෝනා කෝ ?? (නි)

:       0       0

ටෙෂාන් Monday, 15 July 2013 10:01 AM

දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිදානය බුදිද? ඒ ගොල්ලෝ නැගිටින්නේ අපි ත්‍රස්තවාදින්ව මැරුවම විතරද?? මම නම් කියන්නේ දැන් අපි මේවට විරුද්ධව පැමිනිලි කරන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 484 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 644 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site