IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු 5 ක් මරුට

ඇමෙරිකා නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඊයේ (24) එල්ල කළ මිසයිල ප‍්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් දස දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි හසෝකෙල් නමැති කුඩා නගරයේ තලේබාන් තිප්පොළකටය. හසෝකෙල් නගරය පිහිටා ඇත්තේ වසිරිස්තානයේ ප‍්‍රධාන නගරය වන මිරන්ෂා සිට කිලෝ මීටර් 25 ක් දුරිනි. ඇමෙරිකා ඩ්‍රෝන යානා එම ප‍්‍රහාරය එල්ල කළේ බුද්ධි අංශ තොරතුරු පාදක කරගනිමින්ය. ප‍්‍රහාරය සියයට සියයක්ම සාර්ථක වූ බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තාන ප‍්‍රදේශය තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නකි. හකානි නැමැති ඉස්ලාමීය සටන්කාමීන් සැඟව සිටින්නේ ද මෙම ප‍්‍රදේශයේය. ඇෆ්ගනිස්තානයේත් පාකිස්තානයේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සටන්කාමීන්ට හකානි සටන්කාමීන්ගේ සහාය හිමිවේ.



අදහස් (0)

ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු 5 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site