IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩයිනෝසරයෙක් වතුරෙන් මතුවෙයි

ජලයේ ජීවත් වූ බවට විශ්වාස කළ හැකි ලොව මුල්ම ඩයිනෝසරයාගේ ෆොසිලය සහරා කාන්තාරයෙන් සොයාගත් බව පුරාවිදයාඥයෝ කියති. මෙය අවුරුදු ලක්ෂ 950ක් පමණ පැරණියැයි විශ්වාස කරති.

චිකාගෝ විශ්වවිද්‍යාලයේ පාෂාණිභූත විද්‍යාඥ නිසාර් ඊබ්‍රහිම් පවසන්නේ මේ සත්ත්වයා පුදුම සහගත ජීවියකු බවයි. දිග බෙල්ලක්, දිග බඳක් දිග වලිගයක් සහිත සත්ත්වයාට කිඹුලකුගේ මෙන් දිගු හොම්බක් ද ඇතැයි ඔහු කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි.

‘‘ අපට මෙතෙක් හමුවී ඇති ඩයිනෝසර පොසිල හා ශරීර ප්‍රමාණයට සමානුපාතිකව සන්සන්දනය කැර බැලූ විට මේ සතා ගොඩබිම විසූ සතකු නොවන බව පැහැදිලියි. මේ වතුරේ ජීවත් වූ ජලජ ඩයිනෝසරයෙක්. ‘‘

විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ ඩයිනෝසර උභය ජීවියකු බවයි. ස්පිනෝසෝරස් ඊජිප්ටිකස් ලෙස නම්කැර ඇති මේ සත්ත්වයාට සමාන ෆොසිල කිහිපයක් වසර 100ට පමණ පෙර ද ඊජිප්තුවෙන් සොයාගෙන තිබිණි. ජර්මනියේ මියුනිච් කෞතුකාගාරයේ තැන්පත් කැර තිබූ මේ ෆොසිල දෙවැනි ලෝක යුද්ධයේ දී බෝම්බ ප්‍රහාරයකින් විනාශ විය. ඉතිරිවූයේ ඩයිනෝසරයන්ගේ චිත්‍ර කිහිපයක් පමණි. ඒවා මෙම ඇටසැකිල්ල සමග මනාව ගැලපෙන බව ද පර්යේෂකයෝ කියති.

පර්යේෂකයන් පවසන්නේ මේ සත්ත්වයා අතිශය බිහිසුණු සත්ත්වයකු විය යුතු බවයි. නාසයේ සිට වලිගය දක්වා මීටර 15ක් පමණ දැගැති මේ සත්ත්වයා සියළු මාංශ භක්ෂක ඩයිනෝසරයන්ට වඩා විශාල වියයුතුය. මොන්ගේ පාද තරමක් පළල්ය. පතුල් හබලක හැඩය ගනී. හොම්බ මසුන් ආහාරයට ගන්නා කිඹුලකුගේ ආකාරයක් පෙන්වයි. දත් කේතු ආකාරය. අස්ථි ද ජලජ සතුනගේ මෙනි.

_77498610_spinosaurus_ngm_102014_superjaws_108to110 _77498996_ibrahim6hr _77499004_375e9072-1ab8-447b-8447-d83493b5eb6d



අදහස් (0)

ඩයිනෝසරයෙක් වතුරෙන් මතුවෙයි

අමාලි Tuesday, 16 September 2014 07:30 AM

මොනවා කියන්නද මන්දා මේවට...(අ).....

:       0       0

නිරං සෞදි Tuesday, 16 September 2014 05:06 AM

කතාවටත් කියනවනේ මුහුදේ නැත්තේ කපටි නරියා විතරයි කියලා(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site