IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඩුබායි නුවරට නව භාවනා මධ්‍යස්ථානයක්

ඩුබායි අල් ගර්හුඩ්හිදී නව භාවනා මධ්‍යස්ථානයක් මේ මස 29 වැනි සිකුරාදා පෙරවරු 9.30 ට විවෘත කිරීම සඳහා "ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථාන දායක කමිටුව" කටයුතු යොදා ඇතිබව දායක කමිටුව වෙනුවෙන් සුරනාත් කාලිංග කියයි.

මැදපෙරදිග රටක බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භකෙරෙන ප්‍රථම අවස්තාව මෙයයි.

භාවනා නධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සමාරම්භක පිංකම පැවැත්වෙන්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති පුජ්‍ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

"මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් දුර බැහැර රටක ජීවත්වන බෞද්ධයන් හැටියට අප සියලුම දෙනාගේම අධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීම අරමුණ කොට ඒසඳහා අවශ්‍ය මඟ පෙන්වීම සැපයීම අපගේ මුලික අරමුණ" බව කාලිංග පවසයි.

අංක 38 ඒ 29 වීදිය, අල් ගර්හුඩ් පෙදෙස, ඩුබායි නව භාවනා මධ්‍යස්ථානයේ ලිපිනයයි. පිංකම සහ භාවනා පන්ති පිළිබඳවත් අනෙකුත් විස්තරත් 0506351774 යන දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහු කියයි.

 



අදහස් (0)

ඩුබායි නුවරට නව භාවනා මධ්‍යස්ථානයක්

රංග Wednesday, 27 January 2016 01:23 PM

අපට වටිනාම දෙයක්. (බ)

:       0       0

ශ්‍රීමාලි Thursday, 28 January 2016 06:36 PM

අපි මධ්‍යස්ථව හිතමු. ඩුබායි රටෙන් ඇවිල්ලා කොළඹ මොකක්හරි මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් ඇරියොත් අපේ රටේ ස්වාමින් වහන්සේලා මොන විදියට හැසිරෙයිද? දැන් කාලේ වෙන දේවල් දැක්කහම මට අවංකවම මේ දෙය හිතුණා. (නි)

:       0       0

සංජීව - හොරණ Wednesday, 27 January 2016 09:31 AM

ඉතාමත් උතුම් කාලෝචිත ක්‍රියාවක්.. මෙයට සම්බන්ධ වී තිලක් ඩුබායි මහතාගේ සිතෙහි හටගත්තාවූ ද්වේශය , මෝහය නිමාවට පත්වේවා.. !. සියලු සත්වයෝ සුවපත් වෙත්වා..! .(බ)

:       0       0

කුමාර Thursday, 28 January 2016 01:15 PM

ඩුබායිවල පලමුවෙනි භාවනා අසපුව (මහමෙව්නාව ) දැනට අවුරුදු පහකට පෙර ආරම්භ වු අතර, ඩුබායිවල සිටින ශ්‍රි ලාංකිකයන් ඉතා ශ්‍රද්ධාවෙන් දිනපතා දන් පැන් දී, අපට අහිමිවී තිබුන ඒ නිර්මල පිරිසිදු ශ්‍රි සද්ධර්මය ඉගෙන ගනිමින්, පුරුදු කරමින් සිට්ති. සාදු.. සාදු..! සාදු...!!!(කෞ)

:       0       0

ගුණසිරි Wednesday, 27 January 2016 05:51 PM

සංජිව, කෙසේවෙතත් ඔබේ පැතුම අති විශිෂ්ටයි! (නි)

:       0       0

ගුණසිරි Wednesday, 27 January 2016 07:48 AM

සාදු සාදු සාදු ! (කෞ)

:       0       0

චතුරි Wednesday, 27 January 2016 12:43 PM

කරන දෙයක් නිතියානු කුලව කරන,මැදපෙරදිග කොයි රටත් පොඩි වැරැද්දට එල්ලන්න බලන් ඉන්නේ (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site