IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


“ටෙලිමනි “ කුසලානය දමාම් ෆයිටර්ස් පිළට

සෞදි අරාබියේ අල් හසා නගරයේ ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ඕවර අටේ “ටෙලිමනි” කුසලාන  මහා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් දමාම් ෆයිටර්ස් කණ්ඩායම ටෙලිමනි කුසලානය හිමි කර ගත්තේය.

ඉන්දියාවේ කේරලයේ කණ්ඩායම් දෙකක්ද ඇතුළුව ශ්‍රී ලාංකික කණ්ඩායම් හයක් සහභාගිවූ මෙම තරගාවලියේදී  අර්ධ අවසන් තරග සදහා සිලෝන් සසෙක්ස්,කේරල ස්ට්‍රයිකස්,දමාම් ෆයිටර්ස් සහ   හසා රෝයල් ස්ට්‍රයිකස් යන කණ්ඩායම් තරග වැදුණ කේරල ස්ට්‍රයිකස් කණ්ඩායමට එරෙහිව  සිලෝන් සසෙක්ස් කණ්ඩායමද  ෆයිටර්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් ස්ට්‍රයිකස් කණ්ඩායමද තරග වැදීමෙන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ කේරල ස්ට්‍රයිකස් සහ දමාම් ෆයිටර්ස් කණ්ඩායම් දෙකය, මෙම  අර්ධ අවසන් තරග දෙකෙහි  වීරයන්  ලෙස කේරල ස්ට්‍රයිකස් කණ්ඩායමේ මොහොමඩ් ඉර්ෂාන් ද ෆයිටස් කණ්ඩායමේ දයාල්ද  පිදුම් ලැබිණ.

අවසන් තරගයට සුදුසුකම් ලැබූ කේරල ස්ට්‍රයිකස් කණ්ඩායම සහ දමාම් ෆයිටර්ස් අතර  තරගයෙන් කාසියේ වාසිය ලබාගත් කේරල ස්ට්‍රයිකස් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර පන්දු වාර අට අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 68 ලබා ගත්තේය. හාරිස්ගේ  හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ඇතුළුව ලකුණු 19 ක් ද ෆයිටර්ස් කණ්ඩායමේ දයාල් පන්දු වාර දෙකක් ද ලකුණු අටක් ද ලබාදෙමින් කඩුලු තුනක් බිද දැමීය.

දමාම් ෆයිටර්ස් පන්දු වාර 5.4 ක දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගියේය. මනා පිති හරඹයක යෙදෙමින් පන්දුවට පහර එල්ල කළ සංගීත්  ලද හයේ පහර හතර සහ හතරේ පහරවල් හතර සමග ලබා ගත ලකුණු තිස් හය, ෆයිටස් කණ්ඩායමේ ජයග්‍රහණයට විශාල පිටිවහලක් විය.අවසන් තරගයේ වීරයා ලෙස පිදුම් ලැබුවේද ෆයිටර්ස් කණ්ඩායමේ සංගීත්ය.

තරගාවලියේ වීරයා සහ හොඳම පිති කරුවා  ලෙස ශුරතාවයන් දිනා ගන්න ලද්දේ ෆයිටර්ස් කණ්ඩායමේ දයාල් වන අතර  හොදම කඩුලු රකින්නා  ලෙස ෆයිටර්ස් කණ්ඩායමේ අක්මාල් ශුරතාවය  දිනා ගත්තේය.

“ටෙලිමනි”කුසලානය ප්‍රධානය කරන ලද්දේ  ටෙලිමනි ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු මොහොමඩ් උවයිස් මහතා විසිනි. අනුශුරතාවය  කේරල ස්ට්‍රයිකස් කණ්ඩායමට හිමි විය.

telemony2 telemony6 telemony7 telemony9 telemony10

    

 



අදහස් (0)

“ටෙලිමනි “ කුසලානය දමාම් ෆයිටර්ස් පිළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site