
ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11) ආරම්භ වෙයි.
ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. හිටපු ජනාධිපතිවරයකු වන ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයාය. වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවය.
ජනාධිපතිවරණයට පෙර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායකි.
අද (11) දින එම විවාදය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ ABC නාළිකාවය.
ට්‍රම්ප් සහ කමලා හැරිස් දේශපාලන වේදිකාවක මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. අපේක්ෂකයන් දෙදෙනාම එකිනෙකාට පරිභව කරමින්, එකිනෙකා විවේචනය කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.
විවාදයේ දී කමලා හැරිස් මානසිකව අසරණ කිරීම ට්‍රම්ප්ගේ අරමුණ වන අතර, ඕනෑම දෙයක් කියන්න ඉඩ දී ට්‍රම්ප් අමාරුවේ දමා, ජනාතා අප්‍රසාදය ඔහු වෙත එල්ල වනු දැකීම කමලා හැරිස්ගේ අරමුණ වන බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
කමලා හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජනාධිපති ධුර අපේක්ෂිකාව වූයේ, වත්මන් ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් ජනපතිවරණ සටනින් ඉවත් වීමෙන් පසුවය.
බයිඩන්, ජනපතිවරණ සටනින් ඉවත් වූයේ ට්‍රම්ප් සමඟ සජීවී රූපවාහිනී විවාදයකට සහභාගී වීමෙන් පසුවය. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය.
78 හැවිරිදි ට්‍රම්ප් සමඟ විවාදයේ දී බයිඩන් අසරණ වූයේ වයස ඔහුට හරස් වුණු බැවිනි. ඩිමොක්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් බයිඩන්ට විරෝධයක් එල්ල විය. ඒ අනුව, ඔහු උප ජනාධිතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව බවට පත් කළේය.
59 හැවිරිදි කමලා හැරිස්, ඉන්දීය සම්භවයක් ඇති කළු ජාතික කාන්තාවකි. ඇය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකන් ජනාධිපතිධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත.
2025 නොවැම්බර් මස 04
20
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් හැරිස් විවාදය
පිටරටවැසියා Wednesday, 11 September 2024 01:15 PM
සජිත් - අනුර විවාදය වගේද? මීට කලින් ආර්ථික කමිටු විවාදයක් නැද්ද ??