
බ්‍රිතාන්‍යයේ බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එම ධුරයේ කටයුතු කළ ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩෙබොරා ටර්නස් ඉල්ලා අස්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ටිම් ඩේවි සහ ඩෙබොරා ටර්නස්ගේ මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කර, නරඹන්නන් නොමඟ යැවීමක් කළේ යැයි එල්ල යව චෝදනා නිසාය.
ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය අවසන් වූයේ 2020 ජනාධිපතිවරණයෙන් ඔහු ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජය වූ නිසාය. කෙසේ නමුත් එදා ට්‍රම්ප් පරාජය පිළිගත්තේ නැත. 2021 වසරේ ජනවාරි මස 6 වනදා, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන්, ඔහුගේ විරෝධතාකරුවන් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණි.
මෙම සිද්ධිය ද ඇතුළත් වාර්තා චිත්‍රපටයක් බීබීසී නිෂ්පාදනයක් ලෙස එළිදැක්විණි. මෙම චිත්‍රපටයේ, ට්‍රම්ප් සිය ආධාරකරුවන් උසි ගන්වමින් කළ එම කතාව සංස්කරණය කර ඇති බවටත්, එය නරඹන්නන් නොමඟ හැරීමට හේතුවක් බවත් චෝදනා එල්ල විය. ටිම් ඩේවි සහ ඩෙබොරා ටර්නස් ඉල්ලා අස්වී ඇත්තේ මේ නිසාය.
කෙසේ නමුත්, බීබීසී ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ටිම් ඩේවි පවසා ඇත්තේ වසර පහකට පසු රැකියාවෙන් ඉවත් වීම සම්පූර්ණයෙන්ම සිය පෞද්ගලික තීරණයක් බවය.
ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේද, තමන් ආදරය කරන බීබීසී මාධ්‍ය ආයතනයේ කීර්ති නාමයට හානියක් කිරීමට පටන්ගෙන ඇති බවත්, එහි ප්‍රවෘත්ති සහ වත්මන් කටයුතු පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස, සියලුම වගකීම් තමන් මත පැටවෙන බවත්, ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.
2025 නොවැම්බර් මස 04
490
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් නිසා බීබීසී ප්‍රධානීන් දෙදෙනා ගෙදර