IMG-LOGO

ට්‍රම්ප් ගෙනා විසා ප්‍රතිපත්තියට එරෙහිව විශ්ව විද්‍යාල 65ක් අධිකරණයට

ලෝ ප්‍රකට හාවඞ්  සහ එම්.අයි.ටී ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල 65ක් ට්‍රම්ප් පරිපාලනය විදෙස් සිසුන්ට බලපාන අයුරින් ගෙන ඇති වීසා ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කරමින් අධිකරණයට යෑමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

පසුදාතම යටතේ එම නව වීසා ප්‍රතිපත්ති ගෙන ඒමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති අතර එම ප්‍රතිපත්තිය නීතියක් බවට පත්වුවහොත් එය ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපන පද්ධතියට බරපතළ පහරක් එල්ල කරනු ඇතැයි විශ්ව විද්‍යාල අනතුරු අඟවා ඇත. 

ට්‍රම්ප් පරිපාලනය මෙම ප්‍රතිපත්තිය නිවේදනය කළේ පසුගිය අගෝස්තු මාසයේදීය. එම ප්‍රතිපත්තියට අනුව වීසා කාලය ඉක්මවා රැඳි සිටීමට සීමා පැනවෙනු ඇත. එයින් වඩාත්ම පීඩාවට පත්වන්නේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් යැයි පැවසේ.  

ඇමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට අනුව වීසා කල් ඉකුත්වීම හෝ වෙනයම් හේතුවක් නිසා යම් අයකුට ඇමෙරිකා එක්සත් ජනපදයේ නීත්‍යනුකූලව ලෙස රැඳි සිටීමට නොහැකි වුවහොත්, “අනීතික රැඳි සිටීම” නැමැති කාලයක් ආරම්භ වේ. එම අනීතික කාලය අවසන් වූ පසු අදාළ තැනැත්තා නැවත ඔහුගේ රටට යැවෙන අතර ඇතැම් අවස්ථාවලදී වසර තුනක් යනතෙක් ඔවුන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට නොහැකි වන අයුරින් තහනමක් පැනවේ.

අගෝස්තු මාසයේ ප්‍රතිපත්ති වෙනස් වීමට පෙර යම් අයකුගේ “අනීතික රැඳ සිටීමේ” කාලය ආරම්භ වූයේ රජය “වීසා අවසන්” හෝ “තත්ත්වයෙන් බැහැර” බව සඳහන් කරමින් නිල නිර්ණයක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

එහෙත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ නව ප්‍රතිපත්ති හා නීතිවලට අනුව යම් අයකු උපාධිය අවසන් කළට පසු දින හෝ යම් අයකුගේ වීසා කාලය අවසන් වූ විගසා “අනීතික රැඳි සිටීමේ” කාලය ආරම්භ වේ. 

හාවඞ්, එම්.අයි.ටී., කෝර්නෙල්, යේල් සහ ප්‍රිස්ටන් යනාදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාල තම ස්වාධීන මතය දක්වමින් අධිකරණයට ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත. ට්‍රම්ප් පරිපාලනයේ නව නීතිය නිසා සිසුන්ට, විශේෂයෙන්ම විදේශික සිසුන්ට දැඩි සහ ඉතා අසීරු තේරීම් කරන්නට සිදුව ඇතැයි එම විශ්ව විද්‍යාල පෙන්වා දී තිබේ. නව නීති මගින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට බලාපොරොත්තු විදේශීය සිසුන් අධෛර්යට පත් කරන බවත්, විවිධ වීසා කාණ්ඩ යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින දහස් ගණනකට නැවත ඇමෙරිකාවට පැමිණීමට තිබෙන අවස්ථාව අහිමි කරන බවත් විශ්ව විද්‍යාල අධිකරණයට ඉදිරිපත් කරන ලද ලියවිල්ලෙන් දන්වා ඇත. 

වසර 2017-2018 අධ්‍යයන වර්ෂයේදී ජාත්‍යන්තර සිසුන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් බිලියන 39කින් දායකත්වය සපයා ඇතැයි විදෙස් සිසුන්ට උපදෙස් දීමේ ජාතික සංවිධානය දත්ත සඳහන් කරයි. එම සංවිධානයේ දත්තවලට අනුව විදේශීය සිසුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් නිසා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රැකියා 455,---000කට සහාය හිමිව ඇතැයි ද පැවසේ. 

ද හින්දු

055

 



අදහස් (0)

ට්‍රම්ප් ගෙනා විසා ප්‍රතිපත්තියට එරෙහිව විශ්ව විද්‍යාල 65ක් අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1735 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 571 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 664 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site