සෞදි අරාබියේ දින දෙකක සංචාරයක නිරත වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සඳුඳා (22) ඊශ්‍රායල සංචාරය ආරම්භ කළේය.
ඊශ්‍රායල - පලස්තීන සාම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ මූලික අරමුණ වන අතර මෙහිදි ඇමෙරිකා ජනාධිපතිවරයා ජෙරුසලමේ සහ බටහිර ඉවුරේ ද සංචාරය කිරීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් දින දෙකක කාලයක් ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සංචාරය කිරීමට නියමිත අතර එහිදි ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් යන නායකයන් වෙන වෙනම හමුවනු ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා සඳුඳා (22) ජෙරුසලමේද සංචාරය කරමින් එහි ශුද්ධ ස්ථාන නරඹමින් යාච්ඤාවලට ද එක්වූයේ.
ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපතිධුරය දිවුරුම් දීමෙන් අනතුරුව ඇමෙරිකා ජනාධිපතිවරයා නිල විදෙස් සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය විය. සෞදි අරාබියෙන් ආරම්භ වූ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ඉතාලියෙන් අවසන් වනු ඇත. මැද පෙරදිග සංචාරය අවසන් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වතිකානයේත්, බ්‍රසල්ස් නුවරත් ඉන අනතුරුව සිසිලිහිත් සංචාරයේ නිරත වීමට නියමිතය. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ දින නවයක සංචාරය ලබන සෙනසුරාදායින් අවසන් වනු ඇත.
සෞදි අරාබි සංචාරයේදී ඉස්ලාමීය සටන්වාදීන් පරාජයට පත් කිරීමට අරාබි සහ ඉස්ලාමීය නායකයන් එක්ව කඩිනමින් කටයුතු කළ යුතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අධික වෙහෙසත් ඇතැම් වැඩසටහන් ප්‍රමාද වීමත් නිසා ඇමෙරිකා ජනාධිපතිවරයා සෞදියේ දී තම අවසන් වැඩසටහන් ලෙස සහභාගී වීමට නියමිත වූ තරුණ සමුළුවකට සහභාගී නොවූ අතර ඔහු වෙනුවට එම සමුළුවට දියණිය ඉවංකා ට්‍රම්ප් යැවීමට ට්‍රම්ප් කටයුතු කළේය.
සෞදි සංචාරයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිගට ආවේණික පිරිමින් පමණක් සහභාගී වන කඩු නැටුමකට ද එක්විය. ඊට සංචාරයට එක්වූ ධවල මන්දිරයේ අනෙකුත් පිරිමි නිලධාරීහු ද සහභාගී වූහ.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංචාරයේදී, ඇමෙරිකා එක්සත් ජනපදය හා සෞදිය අතර ඩොලර් බිලියන 350 ආයුද ගිවිසුමකට අත්සන් තැබිණි. මෙම සම්පූර්ණ ගිවිසුමට ආයෝජන ආදිය ද ඇතුළත් බව සඳහන් විය.
රොයිටර් ඇසුරිනි 055
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් ඊශ්‍රායෙල් සංචාරය අරඹයි