ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් ආරක්ෂාව සඳහා කෙරෙන වියදම සියයට 4කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.
ලබන වසර සඳහා අයවැය යෝජනා ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් අද (11) ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.
ආරක්ෂාව සඳහා කෙරෙන වියදම් සියයට 4කින් ඉහළ නංවමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා වැඩි කිරීමටත් විදෙස් ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 13කින් අඩු කිරීමටත් නීතියෙන් නියම කර ඇති වියදම් වසර දහයක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.9කින් කපා හැරීමටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නිලධාරියෙක් කීය.
ලබන වසර සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර ඇති සම්පූර්ණ මුදලේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.746 වන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 5ක වර්ධනයක් යැයි ද පැවසේ.
එමෙන්ම 2020 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල සියයට 23කින් ද, සුබසාධන වැඩසටහන් සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 22කින් ද , ආහාර මුද්දර (අඩු මුදලට ආහාර ගැනීමට ලබාදෙන වචුචර් පත්) සඳහා වෙන් කෙරෙන මුදල ඩොලර් බිලියන 17කින් අඩු කිරීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පැවසේ.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් ආරක්ෂක වියදම් සියයට 4ක් ඉහළ නංවයි