ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා තමන් ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවත්, ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත්, එම තැනැත්තා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රෙම්ලීනය සූදානම් බවය.
තමන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ට වඩා ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසුවේ මාධ්‍යවේදිකයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘බයිඩන් කියන්නේ පරණ විදියට හිතන කෙනෙක්. දක්ෂ දේශපාලනඥයෙක්. ඔහුට අත්දැකිම් තියෙනවා. ඔහු පරිණතයි. මා ඔහුට කැමැතියි’ යැයි පුටින් පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයා වන්නේ බයිඩන්ය. නොවැම්බර් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී බයිඩන් ඔහුගේ අසූ දෙහැවිරිදි උපන් දිනය සමරනු ඇත.
පුටින්ගේ වැඩි කැමැත්ත හිමි නොවුණත් කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් රුසියන් හිතවාදියකු බව පැවැසෙයි. 77 හැවිරිදි ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හෙබවූයේ 2017 සිට 2021 දක්වා කාලයේය. ට්‍රම්ප් සහ පුටින් අවස්ථා ගණනකදී මුහුණට මුහුණ හමුවී ඇත.
(ඒ.එෆ්.පී.)
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ට්‍රම්ප්ට වඩා බයිඩන් හොඳයි - පුටින්
ශාන් Friday, 16 February 2024 08:25 AM
මේක නම් ට්‍රම්ප්ව ඡන්දෙන් දිනවන්න කියපු කතාවක් මා හිතන්නේ. ඇමෙරිකානු පුරවැසියගේ සාම්ප්‍රදායික සතුරා පුටින්. ඉතින් ඔහු යමෙකුට කැමතියි කිව්වම ඒක අදාළ තනැත්තගේ ජනප්‍රියත්වයට සෘණාත්මකව බලපානවා. හරියට ප්‍රභාකරන් දකුණේ නායකයෙක්ට කැමතියි කිව්වා වගේ. නැත්නම් මෑත කාලිනව පුටින් හා ඇමෙරිකාව අතර සාර්ථකම සම්බන්ධතා තිබ්බේ ට්‍රම්ප්ගේ කාලයේ. කොහොම නමුත් ජනාධිපත්වරණය් නම් ට්‍රම්ප් දිනයි වගේ. හොඳ නායකයෙක්
Bamunuarachchi Friday, 16 February 2024 10:42 AM
අපිට ට්‍රම්ප් හොදයි බයිඩන්ට වැඩිය. එක එක්කෙනාගේ opinion එක. ඒගැන විවේචනයක් නැහැ පුටින් මහත්තයෝ.