IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පතට අනුමැතිය

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආන්දෝලනයට තුඩු දුන් බදු සහ වියදම් සම්බන්ධ නව පනත් කෙටුම්පතට, එරට කෙංග්‍රසයේ (පාර්ලිමේන්තුව) අනුමැතිය හිමි විය. ඒ දින දෙකක් තිස්සේ, පැවැති වාද විවාදවලින් අනතුරුවය.

පනත් කෙටුම්පතට අනුමැතිය හිමිවූයේ සුළු බහුතරයකිනි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්ගෙන් පවා පනත් කෙටුම්පතට විරෝධයක් එල්ල වීම විශේෂත්වයකි. 

අවසන් ඡන්ද විමසීමේදී 218-214 ක් ලෙස මෙම පනත් කෙටුම්පත සම්මත වූ අතර, පසුව ට්‍රම්ප්ගේ අත්සන ඊට හිමිවිය.

ට්‍රම්ප් මෙම නව පනත් කෙටුම්පත හඳුන්වා දී තිබුණේ ‘ඒක හරිම සුන්දර පනත් කෙටුම්පතක්’ යනුවෙනි. මෙම පනත් කෙටුම්පත මගින් ජාතික ණය ඉහළ නංවන අතර, සෞඛ්‍ය සහ සුබසාධන වෙනුවෙන් මුදල් යෙදවීම අඩු කෙරේ. ඊට අමතරව, ආගමන විරෝධී වැඩසටහන් සඳහා අරමුදල් වැඩි කෙරේ.

පනත් කෙටුම්පත සමම්ත කර ගැනීම ට්‍රම්ප් දේශපාලනික වශයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පතට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site