IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටියුනීසියා හිටපු ජනපතිට ජීවිතාන්ත සිර දඬුවමක්

ටියුනීසියාවේ පසුගිය වසරේ ආරම්භ වූ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට යෑමේදී, සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් එවකට ජනපති ධුරය හෙබවූ බෙන් අලීට එරට අධිකරණයක් මගින් ජීවිතාන්ත සිර දඬුවමක් පෙරේදා (13) පනවනු ලැබීය. ජනතා විරෝධය හමුවේ ධුරයෙන් ඉවත් වූ ජනපති බෙන් අලී, බිරිය ද සමඟ සෞදි අරාබියට පලා ගියේය. මේ වනවිටත් ඔහු සිටින්නේ සෞදි අරාබියේය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද අයහපත් අතට හැරී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ටියුනීසියා අපරාධ අධිකරණය නඩු විභාගය පවත්වන ලද්දේ බෙන් අලීගේ සහභාගීත්වයෙන් තොරවය. අලීගේ අභ්‍යන්තර කටයුතු ඇමැති සෆීක් බෙල්හාජ් සහ බෙන් අලීගේ සමීපතමයන් කිහිප දෙනකුටද වසර 15 බැගින් සිර දඬුවම් හිමිවිය. කෙසේ නමුත් බෙන් අලීගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී සහ එරට කැරැුලි මර්දන පොලිසියේ ප‍්‍රධානී මොනෝසෙෆ්ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කෙරුණි. මෙය ටියුනීසියා ජනතාවගේ දැඩි කෝපයට හේතු වී ඇත. මේ නිසා යළිත් වරක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑමේ අවදානමක් ද හට ගෙන තිබේ.



අදහස් (0)

ටියුනීසියා හිටපු ජනපතිට ජීවිතාන්ත සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site