ටයිටැනික් නැව ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියා සූදානම් වෙයි. ටයිටැනික් 2 යනුවෙන් නම් කෙරෙන මෙම නැව, 2027 දී සදම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරවීමට ද නියමිතය.
1912 වසරේ, ටයිටැනික් නැවේ ගමන් මඟ වූයේ ද සම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් දක්වාය. එහෙත්, කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නැව පුද්ගලයින් 1500 කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ අයිස් කුට්ටියක ගැටීමෙනි.
ටයිටැනික් 2 නිර්මාණය සඳහා සැලැසුම් සකස් කෙරුණේ මීට අවුරුදු 10 කට පෙර යැයි ද පැවැසෙයි.තට්ටු නවයකින් යුත් ටයිටැනික් 2 ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ත් බිලියනයත් අතර මුදලක් වැය වෙයි. මගීන් 2,345 කට ඉඩකඩ ඇති මෙම නෞකාවේ මංගල ගමන සඳහා පළමු පන්තියේ මැදිරිවලින් අඩක්ම මේ වන විටත් අලෙවි වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටයිටැනික් නැවේ අනුරුවක්