‘ලෝ ප්‍රකට’ චොක්ලට් වර්ගයක් වන ‘ටොබ්ලරෝන්’ චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීම හේතුවෙන් ‘යුරෝපයේ අන්ත දක්ෂිණාංශිකයන්’ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ.
‘ටොබ්ලරෝන්’ චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීම සාහසික ක්‍රියාවක් යැයි ද ‘යුරෝපයේ අන්ත දක්ෂිණාංශික සාමාජිකයෝ චෝදනා කරති.
ත්‍රිකෝණාකාර හැඩයෙන් පැමිණෙන ටොබ්ලරෝන් චොක්ලට් වර්ජනය කරමු යැයි අන්තර්ජාල පරිශීලකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ටොබ්ලරෝන් යනු ලොව ජනප්‍රියතම චොක්ලට් වර්ගයකි.
ස්විට්සර්ලන්තයේ ටැබ්ලොයිඞ් පුවත්පතක් වන ‘බ්ලික්’ පුවත්පත ‘ටැබ්ලරෝන් දැන් හලාල්’ (ටැබ්ලරෝන් ඊස් නව් හලාල්) පසුගිය ඉරිදා ලිපියක් ද පළ කර ඇති අතර එය බොහෝ පිරිසක් කුපිත ගැන්වීමට හේතු වී ඇතැයි ද පැවසේ.
ජර්මනියේ අන්ත දක්ෂිණාංශික පක්ෂය (විකල්ප) ප්‍රකාශක යර්ග් මෝතන් තම ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව සටහනක් තැබීමත් සමඟ හලාල් විරෝධී රැල්ල තවත් තීව්‍ර විය.
“ජර්මනියේ හෝ යුරෝපයේ හෝ ඉස්ලාමීයකරණය සිදු වන්නේ නැහැ” යනුවෙන් ටොබ්ලරෝන් චොකලට්ටුවක ඡායාරූපයක් ද ඇතිව ඔහු උපහාසාත්මකව සඳහන් කර තිබිණි.
“එම නිසා එය සත්‍ය වශයෙන්ම එක විට සිදුවීමක්. එහි එය සඳහන්ව තිබෙනවා. සුප්‍රසිද්ධ චොකලට් දැන් ‘හලාල්’ ලෙස සහතික කරලා” යැයි ද ඔහු සඳහන් කර තිබිණි.
අරාබි භාෂාවෙන් හලාල් යනු අවසර ඇත යන්නයි. කුරානයේ සඳහන්ව ඇති ඉස්ලාමීය නීතිය යනු මුස්ලිම් ජාතිකයන්ට කළ යුතු හා නොකළ යුතු දෑ පිළිගන්නා හා නොපිළිගන්නා දෑ ද එමගින් දක්වා ඇත.
ඬේලිමේල් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටොබ්ලරෝන් චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීමට විරෝධයක්