IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ටෝනි බ්ලෙයාර් තවත් ජනමතයක් ඉල්ලයි

ලන්ඩන්හිදීය (රොයිටර්) 
යුරෝපා සංගමයෙන් වෙන්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තවත් ජනමත විමසුමකට සූදානම් විය යුතු යැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා පැවැසීය. 

යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් නායකයන් සහ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය අතර ඇති කරගන්නා ලද ගිවිසුම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමට වැඩි ඉඩක් ඇති නිසා තවත් ජනමත විමසුමක් පැවැත්විය යුතු හිටපු අගමැතිවරයා කීය. 

පාර්ලිමේන්තුවේදී අදාළ ගිවිසුම පරාජයට පත්වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඇතිවන අර්බුදය වැළැක්වීමට පියවරක් ලෙස ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දුන්නේය. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මාස හතරක් තිබියදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම කල්දැමීමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඉකුත් දා පියවර ගත්තාය. 

බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමය තුළ රැඳී සිටීම සඳහා යුරෝපා තුළ ප්‍රතිසංස්කරණ කළ යුතු යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගම් නායකයන් හමුවෙමින් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා එම කරුණු සඳහන් කළේය.

 “ඊට සූදානම් වීමට කාලය ඇවිත්. ජනමත විමසුමක් සඳහා පාර්ලිමේන්තුව තුළ අදාළ පරිසරය සකස් කළ යුතුයි. ඒ සඳහා මතයක් නිර්මාණය කළ යුතුයි. බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳි සිටීම සඳහා සංගමය ආරක්ෂණීය තැනක් කළ යුතුයි. ඒ වගේම බ්‍රිතාන්‍ය ඒ පිළිබඳව නැවත සිතා බැලීමට සූදානම් බව යුරෝපා සංගමය තහවුරු කළ යුතුයි. බ්‍රිතාන්‍යයද ඒ පිළිබඳව උනන්දු විය යුතු” යැයි ද 1997 වසරේ සිට 2007 වසර දක්වා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ ටෝනි බ්ලෙයාර් මහතා පැවැසීය.


- 055



අදහස් (3)

ටෝනි බ්ලෙයාර් තවත් ජනමතයක් ඉල්ලයි

රවින් Saturday, 15 December 2018 07:20 AM

පොදුජන මතය විමසලා වෙන්නැති ඉරක යුද්ධයට ගියේ. බොරුබෙගල් ඇද බාලා නොවේද? තවතවත් අන්න හදන්නේ.

:       0       9

banda Saturday, 15 December 2018 11:19 AM

මහත්තයෝ රටේ මිනිස්සු සංගමයෙන් ඉවත් වෙන්න ඡන්දෙ දුන්නා නම් තවත් මොන බයිලා කතාද ?

:       0       0

de silva berlin Sunday, 16 December 2018 06:22 AM

මේගොල්ල ඉල්ලුව ඉල්ලීම් දුන්නේ නැති නිසා ලොකු සද්ද දමල යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා තීරණය කළා, මේ ගොල්ල හිතුවේ අපි වගේ පොඩි රටවල් වගේ යුරෝපා සංගමේත් දෙකට නැවේවි කියල , නමුත් යුරෝපා සංගමේ මෙගොල්ලත් එක්ක එකතුවෙලා යුරෝපා සංගමෙන් ඉවත් වෙනවා නම් මෙගොල්ලට ගෙවන්න වෙන වියදම් ලැස්තුවක් හදල බැලුවහම එක ඉතා විශාලය , දැන් මේගොල්ල අපහු කියනවා අපි ඉන්න කැමති නමුත් අපි ඉල්ලපු ඉල්ලීම් වලින් අපිට ටිකක් හරි දෙන්න කියල , නමුත් යුරෝපා සංගමේ කියන්නේ උබලට ඉන්න ඕනේ නම් ඉඳපල්ලා යන්න ඕනේ නම් පලයල්ලා අපි අපේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ කියල , දැන් එංගලන්තේ නායකයන් අල්ලපු අත්තත් නැති පයගපු අත්තත් නැති තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site